සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 257

උදයන

න. වෘද්ධිය, නැගීම, වැඩීම. (පි. 175)

උදයපබ්බත

පු. නැගෙනහිර දිග සූර්‍ය්‍යයා නගින පර්‍වතය. (පි. 175)

උදයබ්බයඤාණ

න. උදයව්‍යය ඥානය, යථාභූත ඥාන දර්‍ශනය, “යථාභූත ඤාණදස්සන්ති තරුණ විපස්සනා, උදයබ්බයඤාණස්සෙතං අධිවචනං.” (පි. 175)

උදයබ්බයානුපස්සනාඤාණ

න. ක්ෂය ව්‍යය දෙක දැනගන්නා නුවණ, එනම් ඤාණය. (පි. 175)

උදයභද්ද

පු. අජාසත් රජුගේ පුතා, එනම් රජ. (පි. 175)

උදයවෙලා

ඉ. සූර්‍ය්‍යයා උදාවන වේලාව, අරුණෝදය. (පි. 175)

උදර

න. බඩ, කුක්ෂිය. (පි. 175)

උදරග්ගි

පු. බඩගින්න, උදරාග්නිය. (පි. 175)

උදරච්ජවි

න. බඩේ මතුපිට සිවිය, මතුපිට හම. (පි. 175)

උදරපටල

පු. බඩේ ඔජස් පිටවන සිදුරු සම්බන්ධ සම, උදර පටලය. (පි. 175)

උදරපුර

පු. බඩපිරීම, උදරපූරණය. (පි. 175)

උදරරොග

පු. බඩලෙඩ, උදරාබාධ. (පි. 175)

උදරවට්ටි

ඉ. බඩරැල්ල, බඩරැලි, උදරවැටිය. (පි. 175)

උදරවාත

පු. බඩේ ඇති වාතය, බඩේ කැක්කුම, ආමවාතය. (පි. 175)

උදරාබාධ

පු. බඩෙහි වාතාබාධයක්, “තෙන ඛො පන සමයෙන ආයස්මතො සාරිපුත්තස්ස උදරාබාධො හොති.” (පි. 176)

උදරාවදෙහක

පු. උදර පූරණය ඇතිවන, “උදරාවදෙහකං භුඤ්ජිත්වා.” (පි. 176)

උදරිය

න. බඩ, බඩෙහි හටගත් දේ. (පි. 176)

උදවාහ

පු. මෙඝය, වැස්ස, වලාකූට. (පි. 176)

උදහාරක

පු. දියහළුවා, දියාළුවා, වතුර ගෙනයන්නා, ගොවියා. (පි. 176)

උදහාරිය

පු. දිය පිණිස යන්නා, උදහාරකයා. (පි. 176)

උද්තාරී

ක්‍රි. (උද+තර. √ භු. තරණෙ, එතෙරවීමෙහි +ඊ), තරණය කෙළේය. (පි. 173)

උද්ද

පු. ජලය, දිය බල්ලා.
√ භු. මිත අස්සාදකිලෙදනෙසු, ප්‍රමාණ කිරීම් ආදියෙහි, ද්දතෙ, ප්‍රමාණ කෙරේ. (පි. 177)

උද්දකරාමපුත්ත

පු. රාම පුත්‍රකවූ උද්දක තැනැත්තා, “අභිදොස කාලකතො භන්තෙ උද්දකො රාම පුත්තො.” (පි. 177)

උද්දභණ්ඩ

පු. ගොඩනැගිලි වර්‍ගයක්, පැලක්, දික් ගේ. (පි. 177)