සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 258

උද්දය

පු. වැඩීම, වෘද්ධිය, ලාභය. (පි. 177)

උද්දලොමි

දෙ දාය ඇතිරිය - එක් පිටකළු එළු ලොම් ඇති ඇතිරිය. (පි. 177)

උද්දස්සෙති

ක්‍රි. (උ+දිස √ භු. උච්චාරණාදිසු, කීම් ආදියෙහි +ති) දක්වයි. දිස ධාතුවට දස්සාදෙශවී සිද්ධියි. (පි. 177)

උද්දසුද

න. ගොම අලු හා මිශ්‍ර කළ මැටි. (පි. 177)

උද්දාන

න. බන්ධනය, බැම්ම, වඩබා ගින්න. (පි. 177)

උද්දාප

පු. පවුර, පදනම. (පි. 177)

උද්දාම

පු. බන්ධන රහිත, කැමතිසේ හැසිරීම, උසස්ව තැනීම. (පි. 177)

උද්දාරක

පු. වන සතෙක්. (පි. 177)

උද්දාල

පු. ඇසල ගස, ලෝලුගස, කොබෝලීල යයි ද කියත්. (පි. 177)

උද්දාලනක

පු. සූරාදමන්නා. (පි. 177)

උද්දාලෙති

ක්‍රි. (උ+දල √ භු. දිත්ති විදාරණෙ, දැවීමෙහි, පැලීමෙහි +ණෙ+ති) සූරාදමවයි. (පි. 177)

උද්දාළක

පු. සහමුලින් නසන්නා, වාත ඝාතකයා. (පි. 177)

උද්දිට්ඨ

පු. දක්වන ලද, යෝජනා කළ, දැක්වූ, ෂට්ප්‍රත්‍යයන් අතුරෙන් තුන්වන ප්‍රත්‍යය උද්දිෂ්ට නමි. (පි. 177)

උද්දිට්ඨවිසය

න. අපාදාන කාරක ප්‍රභේදයෙක‍ෙ “රුක්ඛස්මා ඵලං පතති” යනාදියෙහි අපාදාන සංඥා විෂයක්වූ ක්‍රියාව දක්වනලද හෙයින් මෙය උද්දිෂ්ට විෂය නමි (පි. 177)

උද්දිපන

න. දැක්වීම, පෙන්වීම, කරුණු දැක්වීම. (පි. 177)

උද්දිය

පු. වයඹ දිශාව,
න. කම්පාව, චලනය. (පි. 177)

උද්දියති

කි. (උ+දර √ ත. නාසෙ, නැසීමෙහි +ඊය+ති) නැසෙනු ලැබෙයි, (පි. 179)

උද්දියන

න. කම්පාවන, මහත්සේ චලනය වන. (පි. 179)

උද්දිසති

ක්‍රි. (උ+දිස √ භු. පෙක්ඛනෙ, දැකීමෙහි +ති) දක්වයි.
ක්‍රි. (උ+දිස. √ භු. පෙක්ඛණෙ, දැකීමෙහි +ති) දක්වයි. (පි. 177)

උද්දිසන

න. දැක්වීම, ගෙනහැරපෑම. (පි. 177)

උද්දිස්ස

අ. උදෙසා, සඳහා, නිසා, අරභයා. (පි. 177)

උද්දිස්සකට

ති. උදෙසා කළ, තමන් වෙනුවෙන් පිළියෙළ කළ. (පි. 177)

උද්දිස්සකටමංස

න. උදෙසා කළ මාංසය, “න භික්ඛවෙ උද්දිස්සකටං මංසං පරිභුඤ්ජිතබ්බං” (පි. 177)

උද්දිස්සකත

ති. යමෙක් උදෙසා කළ. (පි. 177)