සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 259
උද්දිස්සන
න. දැක්වීම. ගෙනහැරපෑම. (පි. 177)
උද්දිසාපෙති
ක්‍රි. (උ+දිස √ භු. පෙක්ඛණෙ, බැලීමෙහි +ණාපෙ+ති) දක්වයි ගෙනහැර පායි. (පි. 177)
උද්දීසන
න. දැක්කවීම, පෙන්නවීම. (පි. 177)
උද්දෙක
පු. වමනය, ඔක්කාරය. (පි. 177)
උද්දෙකානික
පු. වැක්කිරීම, සැරෙන් පිට කිරීම. (පි. 177)
උද්දෙස
න. (උ+දිස+ණ) කීම, උදෙසීම, බණ ඉගෙනුම, “උද්දෙස ගහණ කාලෙ”
පු. නම්හොත් කීම, පස්වැදෑරුම් ප්රාතිමොක්ෂොද්දෙශය, සංක්ෂෙපය, උද්දානය, ප්රාතිමොක්ෂය, ශික්ෂාප්රත්යාඛ්යානයෙහි එන ක්ෂෙත්රදපද විසිදෙකෙන් එකක්, “උද්දෙස පච්චක්ඛාමීති වදති.”
පු. උදෙසීම, උද්ග්‍රහණය, මාතෘකා පද, නම්ගොත් කීම, සංක්ෂෙපය, උද්දානය, පස්වැදෑරුම් ප්රාතිමොක්ෂාද්දෙශ. (පි. 177)
උද්දෙසක
පු. ඉගෙනගන්නා, පෙළහදාරන්නා, උදෙසන්නා, පාමොක් උදෙසන්නා.
ති. උදෙසන්නා, දේශනා කරන්නා. (පි. 178)
උද්දෙසගහණ
න. පාලිය හැදෑරීම, පාළිය කියවා ගැනීම, “උද්දිසීයතීති, උද්දෙසො, තස්ස ගහණං උද්දෙසගහණං” (පි. 178)
උද්දෙසගොචර
ති. පාලිධර්මය හදාරන, උද්දෙසය ගොදුරු කොට ඇති. (පි. 178)
උද්දෙසත්ථක
පු. උදෙසනු කැමැත්තා, පාලිය හදාරනු කැමති අය. (පි. 177)
උද්දෙසන්තෙවාසික
පු. ඉගෙන ගන්නා ශිෂ්‍යයා, ඉගෙනීම සඳහා යෙදෙන අතැවැසියා. (පි. 177)
උද්දෙසපත්ත
පු. තමන් පිණිසවූ පාත්‍රය. (පි. 178)
උද්දෙසපරිපුච්ඡා
ඉ. ඉගෙනීම හා අරුත් ගැනීම. (පි. 178)
උද්දෙසපරියාපන්න
න. පාමොක් උදෙසීමෙහි ඇතුළත්වූ, එබඳු ශික්ෂාපද. (පි. 178)
උද්දෙසපාළි
ඉ. උද්දෙශ පාළිය, පඤ්ච ප්රාතිමොක්ෂාද්දේශය. (පි. 178)
උද්දෙසභත්ත
න. නියම කර දෙන බත, උදෙසා දෙන බත, තුදුස් බතින් එකක්, සළාක වශයෙන් ගතයුතු බත. (පි. 178)
උද්දෙසභත්තඝර
න. උදෙසා බත දෙන ගෙය. (පි. 178)
උද්දෙසලාභ
පු. නියම කරදෙන බත වශයෙන් ලැබුනු ලාභය. (පි. 178)
උද්දෙසවිභඞ්ග
පු. පෙළ සහ අටුවා. (පි. 178)
උද්දෙසවිහාරි
පු. නිතර පෙළ හදාරනයෙහි යෙදුනු. (පි. 178)
උද්දෙසසංවාස
පු. එකතුව පාමොක් උදෙසීම, (පි. 178)
උද්දෙසසීල
න. පෙළ දහම් හදාරන සුළු, උදෙසන ස්වභාවය ඇති. (පි. 178)
උද්දෙසාචරිය
පු. බණ දහම් උගන්වන ආචාර්ය්යවරයා. (පි. 178)
උද්දෙසික
ති. උදෙසා කළයුතු, දෙසිය යුතු, ව්‍යවහාර කටයුතු. (පි. 178)