සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 260
උද්දෙසිකචෙතිය
න. උදෙසා කළ චෛත්යය, සර්වඥයන් වහන්සේ උදෙසා කළ පෙතිපිළිමාදිය, බුදුපිළිමය. (පි. 178)
උද්දෙසිතසික්ඛාපද
න. එනම් ශික්ෂාපදය. (පි. 178)
උද්දෙහක
න. බුබුලු නගින, පෙන නගින. (පි. 178)
උද්දොසිත
පු. රථාදි බදු තබන ශාලාව, රථ මඩුව, බඩුහල. (පි. 178)
උද්ධ
අ. ඖද්ධත්යය, උදුරණලද. (පි. 178)
උද්ධං
අ. මස්තකයෙහි, උඩ, මතුභාගය. (පි. 178)
උද්ධංආඝාතනික
ති. මරණයෙන් පසු. (පි. 178)
උද්ධංගම
ති. උඩට යන සුලු, එනම් ශරීර වාතය, වෘද්ධිය භජනය කරන සුලු. (පි. 178)
උද්ධංපාද
පු. උඩුකුරුවූ පය ඇත්තා, “උද්ධං පාදතලා අධො කෙසමත්ථකා”. (පි. 178)
උද්ධංභාගිය
පු. උඩ දිශාව භාජනය කරන. (පි. 178)
උද්ධංභාගියසංයොජන
න. උඩයයි කියනලද රූපා රූප භවයන්හි උපදවන රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච සහ අවිජ්ජා යන සංයොජන පස. (පි. 178)
උද්ධංමුඛ
ති. උඩුකුරුවූ මුව ඇත්තා. (පි. 178)
උද්ධංසති
ක්රි. (උ+ධංස √ භු. ධංසනෙ+ති) උඩට නගියි. (පි. 178)
උද්ධංසර
පු. මෘදුස්වරයක් ඇත්තා. (පි. 178)
උද්ධංසවාද
පු. සසර සැරිසැරීමෙන් සුද්ධියයි කියන්නෝ. (පි. 178)
උද්ධංසොත
ති. ජීවිත නැමැති ස්රොතයාගේ උඩට යන. (පි. 178)
උද්ධංසොත අකනිට්ඨගාමි
පු. එනම් බඹ තලයෙහි වසන්නා. (පි. 178)
උද්ධක
පු. මිහිඟු බෙරය. (පි. 178)
උද්ධග්ග
ති. මතු උතුම්වන, කෙලින් සිටින. (පි. 178)
උද්ධග්ගචිත්ත
න. උඩඟු සිත. (පි. 179)
උද්ධග්ගලොම
ති. කෙළින්වූ ලොම් ඇති. (පි. 179)
උද්ධග්ගික
ති. මතු අග්රව පවත්නා, මතු ආත්මයෙහි යහපත් විපාක ඇති. (පි. 179)
උද්ධච්ච
න. ඖද්ධත්යය, නොසන්සුන් කම, උඩඟුව. (පි. 179)
උද්ධච්චකුක්කුච්ච
න. උඩඟුබව හා කුකුස්බව, එනම් නීවරණය. (පි. 179)