සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 261
උද්ධජ
ති. මතුභාගයෙහි ඇතිවූ. (පි. 179)
උද්ධට
ති. උඩටනැගු, නගා සිටුවනලද, උඩඟු බව. (පි. 179)
උද්ධත
ති. උදුරණලද, උපුටන ලද, ඔසවනලද, (පි. 179)
උද්ධතසල්ල
ති. උදුරණ ලද හුල් ඇති. (පි. 179)
උද්ධතාරුණ
න. නැගුණ අරුණ. (පි. 179)
උද්ධන
න. උදුන, ලිප. (පි. 179)
උද්ධම්ම
පු. ධර්මයට විරුද්ධ, අධර්මය, ධර්මය අධර්මය කොට. (පි. 179)
උද්ධමාඝාතන
ති. මරණින් මතු පැවැත්ම ඇති. (පි. 179)
උද්ධරණ
න. ඉදිරීම, උත්පාටනය, උඩට ගැනීම. (පි. 179)
උද්ධරති
ක්රි. (උ+ධර √ භු. ධරණෙ, දැරීමෙහි +ති) උදුරයි. (පි. 179)
උද්ධස
√ කි. උච්ඡෙ, සෙවීමෙහි, උද්ධස්නාති, සොයයි. (පි. 179)
උද්ධස්ත
ති. ඔසවන ලද, මතුයෙහි වළඳනා ලද, මස්තකය වසාගන්නා ලද. (පි. 179)
උද්ධස්තො
පු. උද්ධස්ත බලනු. (පි. 179)
උද්ධාර
පු. ණය, උද්ධරණය කිරීම. (පි. 179)
උද්ධාලක
පු. උද්ධරණය කරන්නා. (පි. 179)
උද්ධි
න. ඇණ, දැවකඩ. (පි. 179)
උද්ධිත
ති. ඇදදැමූ, විනාශ කළ, අහක් කළ. (පි. 179)
උද්ධුනන
උඩට කම්පාකිරීම, ඉහළට සෙලවීම. (පි. 179)
උද්ධුනාති
ක්රි. (උ+ධු √ කි. කම්පනෙ, සැලීමෙහි +ති) උඩට කම්පාකරයි. (පි. 179)
උද්ධුමාත
න. ඉදිමෙන ලද, ඉදිමිච්ච. (පි. 179)
උද්ධුමාතක
න. ඉදිමිච්ච, ඉදිමුණු. (පි. 179)
උද්ධුමාතකසඤ්ඤා
ඉ. ඉදිමීගිය මෘතශරීරයක් අරමුණු කොටගෙන කරන භාවනාව, උද්ධුමාතක සංඥා භාවනාව. (පි. 179)
උද්ධුමාතකසරීර
න. ඉදිමුණු මළසිරුර. (පි. 179)
උද්ධුමාතත්ත
න. ඉදිමුණු ස්වභාවය. (පි. 179)