සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 262

උද්ධුමායති

ක්‍රි. (උ+ධුම √ භු. සංඝාතෙ, නැසීමෙහි +ති), ඉදිමෙයි. (පි. 179)

උද්ධුමායන

න. ඉදිමෙන. (පි. 179)

උද්ධුමායික

ති. ඉදිමුණු, ඉදිමීගිය. (පි. 179)

උද්ධුමායිත

ති. ඉදිමෙනලද, ඉදිමීගිය. (පි. 179)

උද්ධුමායී

ක්‍රි. (උ+ධම √ භු. +ඊ) ඉදිමුණේය, (පි. 179)

උද්ධුස

√ භු. ඇහිඳීමෙහි, උද්ධුසාති, ඇහිඳියි. (පි. 179)

උද්‍රභ

√ භු. භක්ඛණෙ, කෑමෙහි, උද්‍රභති, අනුභව කරයි. (පි. 179)

උද්‍රය

පු. උදය, වැඩීම, වෘද්ධිය. (පි. 178)

උද්‍රහ

√ භු. කෑමෙහි, උද්‍රභති, කයි. (පි. 177)

උද්‍රිය

න. කම්පාව, චලනය. (පි. 179)

උද්‍රියති

ක්‍රි. (උ+දර √ චු. නාසතෙ, නැසීමෙහි +ඊය+ති) නැසෙයි, වැනසෙයි, නැසෙනු ලැබෙයි.
කි. (උ+දර √ ත. නාසෙ, නැසීමෙහි +ඊය+ති) නැසෙනු ලැබෙයි., (පි. 178)

උද්‍රියන

න. කම්පාවන, මහත්සේ චලනය වන. (පි. 179)

උද්‍රෙක

පු. තැලිනැගීම, ඔක්කාර කිරීම, වමනය.
න. වමනය, ඔක්කාරය, “උද්‍රෙකං දස්සතීති උග්ගාරං දස්සති” (පි. 178)

උදාත්ත

න. අකුරු උපදින ස්ථාන අතුරෙන් උසස් ශබ්දයෙන් කියනු ලබන ස්ථානය, හෘදය, මහත් ශබ්දයෙන් කියනු ලබන අකුරු. (පි. 176)

උදාන

න. ප්‍රීතිය, ඉතිරීයන ප්‍රීතිය. ප්‍රීති වාක්‍යය. “ඉමං උදානං උදානෙසි.”, නවාංග ශාස්තෘ ශාසනයෙන් එකක්. (පි. 176)

උදානිත

ති. ප්‍රීතිය පහළකළ, ප්‍රකාශ කළ, කියූ. (පි. 176)

උදානෙති

ක්‍රි. (උද √ භු. මොදකීලනෙසු, සතුටු වීමෙහි, ක්‍රීඩාවෙහි +ණෙ+ති) ප්‍රීති වාක්‍ය පහල කෙරෙයි. (පි. 176)

උදායති

ක්‍රි. (උද √ භු. මොදකීලනෙසු, සතුටුවීමෙහි, ක්‍රීඩාවෙහි +ති) පහලවෙයි. (පි. 176)

උදාර

පු. තෙජස් සහිත, ප්‍රෞඪ, උජාරු, මහත්, විපුල. (පි. 176)

උදාරතා

ඉ. උදාරතා ගුණය, ප්‍රසාදාදි දශවිද කාව්‍ය ගුණයන් අතුරෙන් එකකි. (පි. 176)

උදාරහදය

පු. උසස් හිතක් ඇත්තා. (පි. 176)

උදාවත්ත

න. උදාවර්‍තය, වමනය, ඔක්කාරය. (පි. 176)

උදාසීන

පු. පසුබැසීම, මැලිකම. (පි. 176)

උදාහට

න. දක්වනලද, නිදසුන්කළ, උදාහෘත. (පි. 176)