සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 254

උදකමාතිකා

ඉ. ඇල, මොවූ ඇල, මහගඟින් ගලාබසින කුඩා ගඟ. (පි. 175)

උදකමෙහ

න. දියවැඩියා රෝගය, බහුමුත්‍ර‍ රෝගය. (පි. 172)

උදකරක්ඛස

පු. දිය රකුසා, ජලයට අරක්ගත් රාක්ෂයා. (පි. 172)

උදකරහද

පු. විල, දිය විල, වැව, තඩාගය. (පි. 175)

උදකරාජි

ඉ. දියෙහි ඇඳි ඉර, ජල රේඛාව. (පි. 175)

උදකරුහ

න. දිය පැලෑටිය. (පි. 172)

උදකලෙඛා

ඉ. දියෙහි ලිවීම, ජල රෙඛාව. (පි. 172)

උදකවාර

පු. දිය වාරය, කලින් කල වතුර ඇද දීමට පැමිණෙන වාරය, කාලි යක්ෂනියට මෙබදු උදක වාරයක් තිබුනු බව ධම්මපදට්ඨ කතාවෙහි පෙනේ. (පි. 172)

උදකවාරක

පු. බාල්දිය, පනිට්ටුව, කාලය, ජලය ගෙන එන දෙය. (පි. 173)

උදකවාහ

පු. වතුර බැස යාම. (පි. 173)

උදකවාහක

පු. ජල ගැල්ම, ජල ප්‍ර‍වාහය.
පු. කුඩා දිය ඇළ, ඔය, “කුන්නදී සදිසං උදකවාහකං.” (පි. 173)

උදකවාහන

න. ජලය අදින රථය. (පි. 173)

උදකසකුණිකා

ඉ. දියකාවා. (පි. 175)

උදකසද්ද

පු. ජල ශබ්දය, දිය හඬ. (පි. 173)

උදකසප්ප

පු. දියබරියා. (පි. 175)

උදකසම්භින්න

න. දිය මුසු, ජලය මිශ්‍රවූ. (පි. 175)

උදකසරාවක

න. ජලගන්නා හැන්ද, දිය සැන්ද. (පි. 173)

උදකසාලක

පු. සල් රුක්වලින් පතිත වූ ජලය. (පි. 172)

උදකසුද්ධික

පු. (මුත්‍ර‍ කළපසු) වතුරෙන් සේදීම.
න. දියෙන් පිරිසිදු වන්නා, ජලයෙන් පව් සෝදා හැරිය හැකියයි විශ්වාස කරන්නා. (පි. 173)

උදකසොණ්ඩි

න. ගල්හෙබ, දිය සහිත ගල් පොකුණ. (පි. 175)

උදකසොත

න. සැඩපහර, වේගයෙන් ගලා බසිනා ජල පහර, “තෙ උදකසොතං නිමිත්තෙන පහරිංසු.” (පි. 175)

උදකාධානං

න. ජලය තබන තැන, වතුර භාජනය. (පි. 174)

උදකායතික

පු. ජල නලය, වතුර පයිප්පය. (පි. 172)

උදකාලය

න. ජලසථානය, ගං හෝ ආදි ජල පිහිටි තැන්. (පි. 172)