සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 279

උපමණික

න. මැණික ළඟ, මැණික සමීපය. (පි. 191)

උපමා

ඉ. උපමාව, යම් වස්තුවකට සමානකර සැලකීම. (පි. 191)

උපමාතා

ඉ. කිරිමව, දෙවෙනිමව. (පි. 191)

උපමාතු

ඉ. උපමාතාව, පුංචි අම්මා, කිරි මව.
ඉ. දෙවෙනිමව, කිරිමව, කිරිඅම්මා. (පි. 183)

උපමාන

න. (උප+මා+යු = අන) උපමානය, සමාන කිරීම. (පි. 183)

උපමානිත

ති. උපමා කළ, සමාන කොට සලකන ලද. (පි. 192)

උපමායිත

ති. ප්‍රමාණ කළ, උපමා කළ. (පි. 191)

උපමාවචන

න. උපමාකරණුලබන වචන. (පි. 191)

උපමිත

ති. උපමාකළ, ප්‍රමාණකළ. (පි. 191)

උපමිති

ඉ. උපමාව සමානකොට සැළකීම. (පි. 192)

උපමෙති

ක්‍රි. (උප+මා √ චු. පමාණෙ, ප්‍රමාණකිරීමෙහි +ණෙ+ති) කරයි, ප්‍රමාණ කරයි. (පි. 192)

උපමෙය

පු. උපමාව ලබන්නා, මුඛචන්ද යන්නෙහි මුඛ උපමාව, චන්ද උපමෙයයි.
ති. උපමා කටයුතු. (පි. 191)

උපමෙය්‍ය

පු. උපමාව ලබන්නා, මුඛචන්ද යන්නෙහි මුඛ උපමාව, චන්ද උපමෙයයි. (පි. 191)

උපමෙයොපමා

ඉ. (උපමෙය+උපමා) උපමෙය සහ උපමාව. (පි. 192)

උපය

පු. දෘෂ්ටිනිශ්‍රිත, තෘෂ්ණා දෘෂ්ටි නිශ්‍රිත, සමීපස්ථ. (පි. 191)

උපයම

පු. විවාහය. පාණිග්‍රහණය. (පි. 191)

උපයාචති

ක්‍රි. (උප+යාච √ භු. යාචනෙ, ඉල්වීමෙහි +ති) ඉල්වයි. (පි. 192)

උපයාචිතක

පු. ඉල්වනලද්ද. (පි. 192)

උපයාති

ක්‍රි. (උප+යා √ භු. ගතියං, යාමෙහි +ති) අනුවයෙයි. (පි. 192)

උපයාන

න. ඉදිරියට යාම, අභිමුඛ ගමන, සතුරු රජවරුන්ට විරුද්ධව ඉදිරියට යෑම. (පි. 192)

උපයානක

පු. අභිමුඛව යන්නා, කකුළුවා. (පි. 192)

උපයුජ්ජමාන

ති. යොදනු ලබන. (පි. 192)

උපයුඤ්ජති

ක්‍රි. (උප+යුජ √ රු. යොගෙ, යෙදීමෙහි +ති) යෙදෙයි. (පි. 192)

උපයුඤ්ජන

න. යෙදීම. (පි. 192)