සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 278

උපපීඩ

ති. උපපීළනය. (පි. 191)

උපපීඩ(ළ)කකම්ම

න. එක කුශලා කුශල කර්‍මයකට විපාකදෙන කල අන්‍යකුශලාකුශල කර්‍මයකින් ඊට පීඩාකර විපාකදෙන කර්‍මය. (පි. 192)

උපපීළ

ති. පීඩාව, පෙළීම, හිරිහැරය. (පි. 192)

උපපීළක

පු. (උප+පීළ+ණ්වු = අක) උපපීඞක කර්‍මය, අන් කර්‍මයකින් ප්‍රතිසන්ධිය ලබා දී සැප දුක් විඳිනවිට ඒ සුව දුක් පෙළන කර්‍මය, සොළස කර්‍මයන්ගෙන් එකක්. (පි. 183)

උපපුර

න. ප්‍රධාන නගරය, සමීපයෙහි පිහිටි පුරය, ශාඛා නුවර, (පි. 192)

උපබ්බජති

ක්‍රි. උප්පබ්බජති බලනු. (පි. 192)

උපබ්බජන

න. උප්පබ්බජන බලනු. (පි. 192)

උපබ්බජිත

ති. උප්පබ්බජිත බලනු. (පි. 192)

උපබ්බූළ්හ

න. උද්ධරණය, පීඩණය.
පු. (උප+වහ √ තප්‍රත්‍යය න = හ (ව් අ = උ = වු = වවූ = බ්බූ, හ = ළ) පීඩා කරන ලද, උදුරණ ලද. (පි. 192)

උපබ්බූළ්හති

ක්‍රි. (උපබ්බූළ්හ+ති) පීඩා කරයි, උදුරයි. (පි. 192)

උපබ්බූළ්හිත

ති. පීඩා කළ, උදුරණ ලද. (පි. 192)

උපබ්‍ර්ෑති

ක්‍රි. (උප+බ්‍රෑ √ වාචායං, කීමෙහි +ති) කියයි. (පි. 192)

උපබ්‍ර්ෑහණ

න. වැඩීම, වර්‍ධනය. (පි. 192)

උපබ්‍ර්ෑහති

ක්‍රි. (උප+බ්‍රෑහ √ භු. වඩ්ඪනෙ, වැඩීමෙහි +ති) වඩයි. (පි. 192)

උපබ්‍ර්ෑහිත

ති. වඩනා ලද, වර්‍ධනය කළ. (පි. 192)

උපභුඤ්ජක

පු. අනුභව කරන්නා, පසුව වළඳන්නා. (පි. 192)

උපභුඤ්ජති

ක්‍රි. (උප+භූජ. √ රු. පාලනභ්‍යවහරණෙසු, පාලනයෙහි, අනුභවයෙහි +ති) රකියි, අනුභව කරයි. (පි. 192)

උපභුඤ්ජන

න. පරිභොගය, වැළඳීම. (පි. 192)

උපභුඤ්ජිත

ති. පරිභොග කළ, වැළඳූ. (පි. 192)

උපභුත්ත

ති. පරිභොග කළ, වළඳන ලද. (පි. 192)

උපභොග

පු. ආහාරානුභවය පිණිස ගනු ලබන කලු තැටි පාත්‍රාදි භාජන, අනුභවය, වැළඳීම, අනුභව කරන්නා, ප්‍රයොජන ගන්නා.
න. (උප+භූජ+ණ) ළඟට පැමිණ විඳිය යුතු සම්පත්තිය. (පි. 192)

උපභොග්ග

ති. පරිභොග කළ, වැළඳු. (පි. 192)

උපභොගී

පු. උපභොග ඇත්තා, උපභොග කරන්නා. (පි. 192)

උපම

පු. උපමාව, සමානභාවය. (පි. 191)