සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 280

උපයුඤ්ජිත

ති. යෙදෙන ලද. (පි. 192)

උපයොග

පු. යෙදීම. අනුයොගය, ඉෂ්ටාර්ථ සාධක ව්‍යාපාරය. (පි. 192)

උපයොගරත

ති. පහවූ, නොඇළුණු. (පි. 183)

උපයොගවචන

න. ද්විතීයා විභක්ත්‍යන්ත වචනය, “එකං සමයන්ති උපයොගවචනෙ නිද්දෙසො කතො” (පි. 192)

උපරචන

න. අනුව කරන ලද්ද. (පි. 192)

උපරචිත

ති. අනුව රචනා කළ, පසුව රචනා කළ. (පි. 192)

උපරජ්ජ

න. යුව රාජ්‍යය, දෙවෙනි රජකම. (පි. 192)

උපරත

ති. ඇලීම, ආසාවීම. (පි. 192)

උපරති

ඉ. ආලය, ආසාව, තණ්හාව. (පි. 192)

උපරමති

ක්‍රි. (උප+රමු √ භු. කීළායං, ක්‍රීඩාවෙහි +ති) ඇලෙයි, සිත් අලවයි. (පි. 193)

උපරමන

න. සිත් ඇලවීම, ක්‍රීඩා කිරීම. (පි. 193)

උපරමිත

ති. සිත් අලවන ලද. (පි. 193)

උපරව

පු. ඝොෂාව, හඬ, ශබ්දය. (පි. 193)

උපරාග

පු. චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ ග්‍රහණය. (පි. 193)

උපරාජ

පු. යුව රජ, දෙවෙනි රජා. (පි. 193)

උපරාව

පු. අනුරාවය, පිළිරැව්. (පි. 193)

උපරි

අ. මතු, මත්තෙහි. සත්තමී විභත්තියෙහි යෙදෙන නිපාත පදයක්, (පි. 193)

උපරිකාය

න. උපරිමකාය, උඩුකය. (පි. 193)

උපරිඛාදනීය

න. කෑයුතු දෙය, මතුයෙහි, “උපරිඛාදනීයෙපි උත්තිට්ඨපත්තං උපනාමෙන්ති” (පි. 193)

උපරිගොප්ඵක

න. ගොප් ඇටයෙන් උඩ. (පි. 193)

උපරිචර

ති. අහස්හි හැසිරෙණ, මත්තෙහි හැසිරෙණ. (පි. 193)

උපරිට්ඨ

පු. මත්තෙහි පිහිටි, අහසෙහි පිහිටි. (පි. 193)

උපරිත්ත

න. උපරිභාවය, මතුභාවය. (පි. 193)

උපරිපටිච්ඡන්ත

න. උඩින් වැසුනු. (පි. 193)