සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 281
උපරිපාසාද
න. පහය මත, ප්රාසාදය මතුයෙහි, “උපරිපාසාදවර ගතො එවං චින්තෙසි” (පි. 193)
උපරිපිට්ඨි
ඉ. උඩපෙදෙස, වෙදිකාව. (පි. 193)
උපරිපුඤ්ජ
ති. ගොඩගසා, උඩරැස්කොට. (පි. 193)
උපරිපූඤ්ජිකත
ති. එකක් උඩ එකක් තබා ගොඩගැසූ. (පි. 193)
උපරිභාග
පු. උඩ කොටස, මතු භාගය. (පි. 193)
උපරිභාව
පු. උසස් තත්වය, උපරි භාවය. (පි. 193)
උපරිභාසා
ඉ. මතුමත්තෙහි ප්රකාශ කරන්නී. (පි. 193)
උපරිභොජන
න. ආහාරය උඩ, භොජනය මතුයෙහි, “උපරිභොජනෙපි හත්ථං පක්ඛි පන්ති.” (පි. 193)
උපරිම
පු. උපරි භාගයෙහි, උඩ පෙදෙසෙහි. (පි. 193)
උපරිමකොටි
ඉ. උඩත් පිරිස, උඩ කෙළවර, අන්තිම පරිච්ඡේදය. (පි. 193)
උපරිමුඛ
න. උඩුකුරු මුඛය. (පි. 193)
උපරිමුද්ධති
න. හිස උඩ, හිස මත්තෙහි. (පි. 193)
උපරිවසන
න. උඩ ඇඳුම. (පි. 193)
උපරිවාත
පු. වායුවට උඩ, වාතය උඩ,
න. උඩුදිසාවට හමන වාතය, න. උඩු සුළඟ, “උපරිවාතෙ නිසිදිතුං න. වට්ටති” (පි. 193)
උපරිවිසාල
ති. බොහෝ පලල. (පි. 193)
උපරිවෙහාස
න. අහස මතුයෙහි, උඩුමහලේ කාමරය. (පි. 193)
උපරිසච්ච
න. උසස් සත්යය. (පි. 193)
උපරිසායනීය
න. රස වින්ද යුතු දෙය මත්තෙහි, එබඳු දෙය උඩ. (පි. 193)
උපරීය
පු. උපරිම මතුභාගය. (පි. 193)
උපරුජ්ඣති
ක්රි. (උප+රුධි √ දි. ආවරණෙ, වැලකීමෙහි ය+ති) ආවරණ කෙරෙයි. (පි. 193)
උපරුජ්ඣන
න. ආවරණ කිරීම. (පි. 193)
උපරුජ්ඣිත
ති. ආවරණයකළ, වසන ලද. (පි. 193)
උපරුද්ධ
ති. ආවරණය කළ, නැවත්වූ. (පි. 193)
උපරුද්ධි
ඉ. (උප+රුධි √ රු. ආවරණෙ, ඇවිරීමෙහි +ති) වැලකීම, වැලැක්වීම. (පි. 183)