සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 282

උපරුන්ධ

ති. ආවරණය කළ, වැසූ. (පි. 193)

උපරුන්ධති

ක්‍රි. (උප+රුධි √ රු. ආවරණෙ, වැසීමෙහි, o+ති) ආවරණය කරයි, වසයි. (පි. 193)

උපරුන්ධන

න. ආවරණය, වැසීම. (පි. 193)

උපරුන්ධිත

ති. ආවරණය කළ, වැසූ. (පි. 193)

උපරූළ්හ

ති. නගින ලද, ආරූඪවන ලද, ආරූළ්හ බලනු. (පි. 193)

උපරොචති

ක්‍රි. (උප+රුව √ භු. රොචෙ, දිත්තියං, රුචියෙහි බැබලීමෙහි +ති) රුචි කරයි, බබලයි. (පි. 193)

උපරොදති

ක්‍රි. (උප+රුදි. භු. අස්සු විමොචනෙ, කඳුළු හෙලීමෙහි +ති) හඬයි, කඳුලු වගුරුවයි. (පි. 193)

උපරොදන

න. හැඬීම, රොදනය කිරීම. (පි. 193)

උපරොදිත

ති. හඬනා ලද. (පි. 193)

උපරොධ

ති. ආවරණය, මුවහවීම. (පි. 193)

උපරොධන

න. මුවහ කිරීම, ආවරණය කිරීම. (පි. 193)

උපරොධෙති

ක්‍රි. (උප+රුධි √ රු. ආවරණෙ, ආවරණයෙහි උ = ඔ+ණෙ+ති) ආවරණය කරයි.
ක්‍රි. (උප+රුධි √ රු. ආවරණෙ, ඇවිරීමෙහි +ණෙ+ති) පමුණුවයි, ගෙනයෙයි, (පි. 194)

උපරොප

න. (උප+රුප+ණ) මල් පැළ, හිඳුවු පැළ, හිටවු මල් පැළ, “අජකා පසුකා ආදයො උපරොපෙ විහෙඨෙන්ති.”
න. පැලෑටිය, කුඩා පැලය, “උපරොපෙ විහෙට්ඨත්ති.” (පි. 183)

උපල

න. පාසාණය, ගල. (පි. 194)

උපලක්ඛණ

න. උපලක්ෂණය. යමෙකු කෙරෙහි පිහිටි ලකුණු, (පි. 194)

උපලක්ඛිත

ති. දක්නා ලද, සලකුණු කරන ලද. (පි. 194)

උපලක්ඛෙති

ක්‍රි. (උප+ලක්ඛ √ චු. දස්සනඞ්කෙසු, දැකීම - සලකුණු කිරීමෙහි +ණෙ+ති) දකී, සලකුණු කරයි. (පි. 194)

උපලද්ධ

ති. ලබන ලද, පැමිණෙන ලද. (පි. 194)

උපලද්ධත්ථ

පු. දන්නා ලද ප්‍රවෘත්ති අර්ථ ඇති, වාසව දත්තාදි ගද්‍ය පද්‍ය ප්‍රබන්ධ විශේෂය. (පි. 194)

උපලද්ධි

ඉ. ඥානය. ප්‍රාප්තිය, ප්‍රඥාව. (පි. 194)

උපලබ්භ

පු.ක්‍රි. (උප+ලභ ධාතු කෙරෙන් ත්වා = බ්හ, ධාතත්වන්තලෝපයි) ලබා, ලැබ, (පි. 194)

උපලබ්භති

ක්‍රි. (උප+ලභ √ භු. ලාභෙ, ලැබීමෙහි. භ = බ්භ+ති) ලබයි. (පි. 194)

උපලබ්භන

න. ලැබීම. (පි. 194)

උපලභති

ක්‍රි. (උප+ලභ. √ භු. ලාභෙ, ලැබීමෙහි +ති) ලබයි. (පි. 194)