සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 283

උපලාපන

න. නැලවීම, ලොල්කරවීම, භේද කිරීම. (පි. 194)

උපලාපිත

ති. නලවන ලද, භෙද කළ, ලොල් කළ. (පි. 194)

උපලාපෙති

ක්‍රි. (උප+ලප+ √ භු. වාක්‍යෙ, කීමෙහි +ණෙ+ති) කියවයි, පොලඹවයි.
ක්‍රි. (උප+ලප √ තු. ලාලනෙ, නැලවීමෙහි +ණෙ+ති) නළවයි, සඞග්‍රහ කරයි. (පි. 194)

උපලාලන

න. නැලවීම, සඞ්ග්‍රහ කිරීම.
න. පොලඹවීම, ලොල්කරවීම, නැලවීම, සුරතල් කිරීම. (පි. 184)

උපලාලිත

ති. පොලඹවන ලද, ලොල්කරවන ලද. (පි. 194)

උපලාලෙත්වා

පු.ක්‍රි. (උප+ලාල+ණෙ+ත්වා) නළවා, සඞ්ග්‍රහ කොට. (උප+ලාල+ණෙ+ත්වා), නලවා, සංග්‍රහ කොට (පි. 184)

උපලාලෙති

ක්‍රි. (උප+ලල √ චු. ඉච්ඡායං, කැමැත්තෙහි +ණෙ+ති) නලවයි. ලොල් කරවයි, (පි. 194)

උපලාලෙන්ති

ක්‍රි. (උප+ලාල √ වූ. ලාලනෙ, නැලවීමෙහි +ණෙ+න්ති) නළවත්, සඞ්ග්‍රහ කරත්. (පි. 184)

උපලාසෙති

ක්‍රි. (උප+ලස √ චු. සිප්පයොගෙ, ශිල්ප ඉගැන්මෙහි +ණෙ+ති) උගනියි, ශබ්ද කරයි. (පි. 194)

උපලිඛති

ක්‍රි. (උප+ලිඛ √ භු. ලෙඛනෙ, ලිවීමෙහි +ති) ලියයි, අනුව ලියයි. (පි. 194)

උපලිඛිත

ති. ලියන ලද, අනුව ලියන ලද. (පි. 194)

උපලිත්ත

ති. ගල්වන ලද, ගාන ලද, තවරණ ලද. (පි. 194)

උපලිප්පති

ක්‍රි. (උප+ලිප √ රු. ලිම්පනෙ, ආලේප කිරීමෙහි +ති) ආලේප කරයි. (පි. 194)

උපලිම්පති

ක්‍රි. (උප+ලිප √ රු. ලෙපනෙ, ගෑමෙහි +oඅ+ති) ආලේප කරයි, තවරයි. (පි. 194)

උපලිම්පන

න. ගෑම, ආලේපකරණය.
න. (උප+ලිම්ප+යු = අන) ගැල්වීම, ආලේපනය කිරීම. (පි. 194)

උපලිම්පිත

ති. ගල්වන ලද, ආලේප කළ. (පි. 194)

උපලිම්පිත්වා

පු.ක්‍රි. (උප+ලිම්ප+ඉ+ත්වා) ආලේප කොට, ගල්වා, ගා. (පි. 184)

උපලෙඛන

න. දෙවෙනි ලියවිල්ල, උපලෙඛනය. (පි. 194)

උපලෙප

පු. ආලේපය. ගෑම. (පි. 194)

උපලෙපන

න. ආලේපය. ගෑම. (පි. 194)

උපලොහිතක

න. ති. මදක් රතු පැහැති, මද රතු වූ. (පි. 194)

උපවජ්ජ

ති. දෝෂය, වරද, නින්දාව. (පි. 194)

උපවජ්ජතා

ඉ. දෝෂත්වය, වරද බව. (පි. 194)

උපවණ්ණ

පු. ගුණය, අනුවර්‍ණය. (පි. 194)