සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 284

උපවණ්ණන

න. වර්‍ණනා කිරීම, ගුණ කීම. (පි. 194)

උපවණ්ණිත

ති. වර්‍ණනා කළ, ගුණකථනය කළ. (පි. 194)

උපවණ්ණෙති

ක්‍රි. (උප+වණ්ණ √ චු. සංවණ්ණනෙ, වර්‍ණනා කිරීමෙහි +ණෙ+ති) වර්‍ණනා කෙරෙයි. (පි. 194)

උපවත්ත

ති. පැවැත්ම, නැවැත්ම. (පි. 194)

උපවත්තති

ක්‍රි. (උප+වතු √ භු. වත්තනෙ, පැවැත්මෙහි +ති) පවතී. අනුකූලව පවතී. (පි. 194)

උපවත්තන

න. උපවත්තන සල් උයන, කුසිනාරා නුවර මල්ල රජුන්ගේ සල් උයන. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ මෙහිදීය.
න. මල්ල රජුන්ගේ එනම් මකුට බන්ධන ස්ථානය, පැවැත්ම. (පි. 184)

උපවත්තිත

ති. අනුව පවත්වන ලද. (පි. 194)

උපවදති

ක්‍රි. (උප+වද √ භු. වචනෙ, කීමෙහි +ති) නින්දා කරයි, නුගුණ කියයි. (පි. 194)

උපවදන

න. නුගුණ කීම, නින්දා බස් කීම. (පි. 194)

උපවදිත

ති. උපවාද කළ, අපවාද කළ. (පි. 194)

උපවධූ

න. වධූසමීපය. (පි. 195)

උපවන

න. උපවනය, ගෙවුයන, උයන.
න. සමීපවනය, ගෘහාභිමුඛ උයන, ආරාමය. (පි. 184)

උපවස

ක්‍රි. (උප+වස √ භු. වසනෙ වැසී මෙහි +අ) වසව, පෙහෙවස් වසව, සිල් ගනුව, “උපොසථං උපවස.” (පි. 184)

උපවසති

ක්‍රි. (උප+වස √ භු. නිවාසෙ, විසීමෙහි +ති) වාසය කරයි, සමීපයෙහි වාසය කරයි. (පි. 195)

උපවසන

න. වාසය කිරීම, විසීම, දෙවෙනි ඇඳුම. (පි. 195)

උපවස්සං

පු.ක්‍රි. (උපවස්ස) වස් වැස, වස් එළඹ, “උපවස්සං ඛො පන කත්තික පුණ්ණමං” (පි. 184)

උපවසිත

ති. වාසය කළ, සමීපයහි විසූ. (පි. 195)

උපවසිත්වා

පු.ක්‍රි. (උප+වස+ඉ+ත්වා) වැස, වස් එළඹ, පෙහෙවස් වැස, “උපොසථං උපොවසිත්වා.” (පි. 184)

උපව්හයති

ක්‍රි. (උප+හ්වෙ √ භු. අව්හානෙ, කැඳවීමෙහි +ය+ති) අයදීම කරයි. (පි. 195)

උපව්හයන

න. කැඳවීම, ආමන්ත්‍රණය, ඇයදීම. (පි. 195)

උපවාද

පු. නින්දාව, අපහාසය, නුගුණ කීම, බාධකය, විරොධය.
පු. (උප+වද+ණ) චෝදනා කිරීම, දොස් කීම, අගුණ කීම, ආර්යොප වාදය. (පි. 195)

උපවාදක

පු. නින්දා කරන්නා, උපවාදකයා. (පි. 195)

උපවාදනා

ඉ. ආක්‍රොෂ කිරීම, චෝදනාව (පි. 184)

උපවාදී

පු. ගරහන්නා, නින්දා කරන්නා. (පි. 195)