සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 285

උපවාන

පු. එනම් ස්ථවිරයෝ. (පි. 195)

උපවායති

ක්‍රි. (උප+වා √ දි. ගති ගන්ධනෙසු, ගමනෙහි හා හැමීමෙහි +ය+ති) යෙයි, ගමන් කෙරෙයි. (පි. 195)

උපවාස

න. (උප+වස+ණ) උපවාසය, අහර ගැනීමෙන් වෙන්ව සිටීම, උපෝසථය.
පු. පෙහෙව විසීම. පාපයෙන් හා භොගානුභවයෙන් වෙන්ව විසීම. (පි. 184)

උපවාසිත

ති. පෙහෙව වසන ලද, ගුණය හා වාසය කළ. (පි. 195)

උපවාහන

න. ගෙන යෑම, සෝදා යෑම, (පි. 195)

උපවිචරණ

න. සමීප සංචාරණය, ළඟ හැසිරීම. (පි. 195)

උපවිචරති

ක්‍රි. (උප+වි+චර. √ භු. සංචරණෙ, හැසිරීමෙහි +ති) සමීපයෙහි හැසිරෙයි, හැසිරෙයි. (පි. 195)

උපවිජඤ්ඤා

ඉ. ප්‍රසූතයට සමීප කල් ඇත්තී. (පි. 195)

උපවිජ්ජා

ඉ. අනුවිජ්ජා. (පි. 195)

උපවිසති

ක්‍රි. (උප+විස √ භු. පවෙසනෙ, ප්‍රවේශවීමෙහි +ති) ප්‍රවේශ වෙයි, ඇතුළත් වෙයි. (පි. 195)

උපවීණ

න. වීණා දණ්ඩ. (පි. 195)

උපවීණයති

ක්‍රි. (උප+වීණ+ණය+ති) වීණා වාදනය කරයි. (පි. 195)

උපවීණා

ඉ. වීණා දණ්ඩ. (පි. 184)

උපවීත

ති. වැසූ, වසනලද. (පි. 195)

උපවීයති

ක්‍රි. (උප+වා √ භු. ගතිබන්ධනෙසු, යාමෙහි හා බැඳීමෙහි +ය+ති) වියනු ලැබේ, බඳිනු ලැබේ. (පි. 195)

උපවුත්ථ

ති. (වස ධාතුහට උත්ථ ආදේශයි) වාසය කරන ලදී, වැසූ, “උපොසථොච මෙ උපවුත්ථො භවිස්සති.” (පි. 195)

උපවෙසන

න. සමීපයෙහි හිඳීම, ළඟ සිටීම. (පි. 195)

උපවෙසිත

ති. සමීපයෙහි හිඳිනා ලද, ළඟ සිටි. (පි. 195)

උපවෙසී

පු. සමීපස්ථයා, ළඟ සිටින්නා. (පි. 195)

උපවෙසෙන

න. (උප+විස+යු = අන) එළඹ හිඳීම, හිඳීම. (පි. 184)

උපසංකමති

ක්‍රි. (උප+සං+කමු √ භු. පදවික්ඛෙපෙ, යාමෙහි +ති) ළඟට යයි, සමීපයට පැමිණෙයි. (පි. 195)

උපසංකමන

න. ළඟට පැමිණීම, සමීපයට යාම. (පි. 195)

උපසංඛ්‍යාන

න. එක කාර්‍ය්‍යයකට සුදුසු බොහෝ කාර්‍ය්‍යයන් ඇතුළත් කොට ගණන් ගැනීම. (පි. 195)

උපසංඛෙය්‍ය

ති. පිළියෙල කළයුතු, ඇතිකළයුතු. (පි. 195)