සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 286

උපසංවසති

ක්‍රි. (උප+සං+වස, √ භු. නිවාසෙ, විසීමෙහි +ති) වාසය කරයි, කෙනෙකු සමග වසයි. (පි. 195)

උපසංහට

ති. ඉදිරිපත් කළ, ඵළ වූ. (පි. 185)

උපසංහරණ

න. හැකිලීම, සංකුචිතය, පැමිණවීම. (පි. 195)

උපසංහරති

ක්‍රි. (උප+සං+හර √ භු. හරණෙ, හැරීමෙහි +ති) ඉදිරිපත් කරයි, එළවයි.
ක්‍රි. (උප+සං+හර √ භු. හරණෙ, හැර ගැනීමෙහි +ති) හකුලයි. පමුණුවයි. (පි. 185)

උපසංහරිත

ති. අකුලන ලද, වකුටු කළ, පමුණුවන ලද. (පි. 195)

උපසංහාර

පු. අභාවය. සඞ්ග්‍රහය. (පි. 195)

උපසංහිත

ති. යුක්ත, යෙදුන, සමග පැවති. (පි. 195)

උපසක්කත

ති. උත්සාහය, ප්‍රයොගය. (පි. 196)

උපසක්කමති

ක්‍රි. (උප+සක්ක √ භු. ගමනෙ, යාමෙහි +ති) යෙයි, අනුව යෙයි. (පි. 196)

උපසග්ග

පු. උපසර්‍ගය, නාම ආඛ්‍යාත පදයන් සමග යෙදෙන ප පරා ආදිය, උපසග්ග විස්සකි. උපද්‍රව්‍යය, උවදුර, ප්‍රවාසය.
අ. උපද්‍රවය, උපසර්‍ගය, ධාතු හෝ නාමයන් වෙත එළඹ පෙරටුව හෝ පසුව සිය අර්‍ථය සරසන්නේ උපසර්‍ග නම් වේ. ප පරා. නි නී. උ. දු සං. යනාදි උපසර්‍ග ශබ්ද විස්ස. (පි. 184)

උපසග්ගගති

පු. උපසර්‍ගයන්ගේ පැවැත්ම, එය ධාත්වර්ථ බාධනය, ධාත්වර්ථානුවර්‍තනය, ධාත්වර්ථ විශේෂණ යයි ත්‍රිවිධ වේ. බාධනය, ධාථර්ථානු වර්තනය, ධාථර්ථ විශේෂණ යයි ත්‍රිවිධ වේ. (පි. 196)

උපසඞ්කමි

ක්‍රි. (උප+සං+කමු. √ භු. පද විකේඛපෙ, යාමෙහි +ඊ) පැමිණියේය, එළඹියේය. (පි. 184)

උපසජ්ජන

න. උපසර්‍ජනය, අප්‍රධාන නාමය. (පි. 196)

උපසන්ත

ති. සාන්තවූ, සංසිඳුනු, “උපසන්තො සුඛං සෙති.”
ති. ශාන්ත වූ, “උප සන්තස්ස සදා සතීමතො.” (පි. 196)

උපසම

පු. සංසිඳීම, ක්ලේශ පීඩාදියෙන් මිදීම.”
පු. සන්සුන්කම, සන්සිඳීම, කෙලෙසුන්ගෙන් සන්සිඳීම, “උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බාණාය සංවත්තති.” (පි. 196)

උපසමති

ක්‍රි. (උප+සම √ භු. පරිස්සමෙ, වෙහෙසෙහි +ති) සංසිඳෙයි. (පි. 196)

උපසමරති

ඉ. සංසිඳීමෙහි රතිය. (පි. 196)

උපසමසුඛ

න. සංසිඳීමේ සැපය. (පි. 196)

උපසම්පජ්ජ

පු.ක්‍රි. පැමිණ, එළඹ, “තතිය ජඣානං උපසම්පජ්ජ විහාසිං.” (පි. 184)

උපසම්පජ්ජති

ක්‍රි. (උප+සං+පද √ දි. ගතියං, යාමෙහි +ය+දය = ජ = ජ්ජ+ති) පැමිණෙයි, සමීපයට යෙයි. (පි. 196)

උපසම්පජ්ජන

න. ළඟාවීම, සමීපයට පැමිණීම. (පි. 196)

උපසම්පජ්ජිස්සාමි

ක්‍රි. (උප+සං+කමු. √ පද වික්ඛෙපෙ, යෑමෙහි +ස්සාමි) පැමිණෙන්නෙමි. උපසපන් වන්නෙමි. (පි. 184)

උපසම්පත්ති

ඉ. (උප+සං+පද+ති) උපසම්පදාව, උපසම්පත්තිය, උපසපන්වීම. (පි. 184)

උපසම්පදා

ඉ. (උප+සං+පද+ආ) වැඩීම, වෘද්ධිය, කුසලයන්ගේ වැඩිම, “කුසලස්ස උප සම්පදා” උපසම්පදාව, උසස් බවට පැමිණීම, “සඞ්ඝං භන්තෙ උපසම්පදං යාචාමි”
ඉ. උපසම්පදාව, අධිශීල සික්ඛාවෙහි පිහිටීම. (පි. 184)