සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 287

උපසම්පදාකම්ම

න. උපසම්පදා කර්‍මය, ඤත්ති චතුත්ථක උපසම්පදා කර්‍මය. (පි. 184)

උපසම්පදාකම්මවාචා

ඉ. උපසම්පදා කර්‍ම වාක්‍යය, ඤත්ති චතුත්ථක උපසම්පදා කර්‍මය “සුණාතු මෙ භන්තේ අයං නාගො - එසා ඤත්ති තස්මා තුණහි එව මෙතං ධාරයාමි.” (පි. 184)

උපසම්පදාචරිය

පු. උපසම්පදාව දුන් ආචාර්‍ය්‍යවරයා. (පි. 184)

උපසම්පදාඤත්ති

ඉ. උපසම්පදා කර්‍මය, උපසම්පදා ඤත්තිය. (පි. 184)

උපසම්පදාපරියෙසනා

ඉ. උපසම්පදා වීම, උපසපන් බව සෙවීම. (පි. 184)

උපසම්පදාපෙඛ

පු. උපසම්පදාව ලබන්නට බලාපොරොත්තු වන්නා, උපසම්පදා පෙක්ෂකයා, “තෙත ඛො පන සමයෙන අයස්මතො මහා කස්සපස්ස උපසම්පදා පෙඛො හොති.” (පි. 184)

උපසම්පන්න

ති. උපසපන් වූ, උපසම්පදාව ලැබූ, “අනූජනාමි භික්ඛවෙ උපසම්පන්න සමනන්තරානිස්සයෙ ආචික්ඛිතුන්ති”
ති. උපසම්පදා වූ, උපසම්පත්තියට පැමිණි. (පි. 184)

උපසම්පාදෙතබ්බ

ති. උපසපන් කටයුතු, භික්ෂු භාවයට පැමිණ විය යුතු. (පි. 185)

උපසම්පාදෙති

ක්‍රි. (උප+සං+ප+දා √ භු. ණෙ+ති) උපසම්පදා කෙරෙයි.
ක්‍රි. (උප+සං+පද √ භු. ගතියං+ණෙ+ති) උපසපන් කරවයි, සාමණෙර බැවින් මුදා භික්ෂු භාවයට පත් කරයි. “තෙන ඛො පන සමයෙන භික්ඛු දුවග්ගෙනපි තිවග්ගෙනපි ගණෙන උපසම්පාදෙන්ති.” (පි. 196)

උපසම්බ්‍යාන

න. උත්තර සාටකය, උතුරු සළුව. (පි. 196)

උපසම්මති

ක්‍රි. (උප+සමු √ දි. උපසමෙ, සංසිඳීමෙහි +ය මය = ම = මම+ති) සංසිඳෙයි.
ක්‍රි. (උප+සමු √ දි. උපසමෙ, උපසමයෙහි +ති) නිවේ, සන්සිඳේ, “නහි වෙරෙන වෙරානි සම්මන්තීධ කුදාචනං, අවෙරෙන ච සම්මන්ති එස ධම්මො සනත්තනො.” (පි. 196)

උපසමානුස්සති

ඉ. කෙලෙසුන් සන්සිඳවීම පිණිස උපදනා සිහිය. (පි. 196)

උපසමිත

ති. සන්සිඳුනු, ඉන්ද්‍රිය දමනය කළ. (පි. 196)

උපස්සග්ග

පු. විපත්තිය, උවදුර, “මාහොතු උපස්සග්ගො.”
පු. උපද්‍රවය. මහත්භය. (පි. 185)

උපස්සටඨ

ති. පීඩිත, පෙළුණු, “උපස්සටඨා වත ‍භොති.” (පි. 185)

උපස්සට්ඨ

ති. උපද්‍රවය, උවදුර, භීතිය. (පි. 195)

උපස්සය

පු. අසපුව, ආරාමය, පන්සල, මුනිපැල.
පු. ගෙය, අරම, උපශ්‍රය, අසපුව, වසන තැන, “තාපසො තං වසං ගන්ත්වා උපස්සයං. අගමාසි.” (පි. 195)

උපස්සාස

පු. හුස්ම ගැනීම. (පි. 195)

උපස්සුති

ති. සමීපයට පැමිණ අසන්නා.
න. (උප+සු+ත) වචන ඇසෙන දුර ප්‍රමාණය, වචන ඇසෙන සමීපය. “උපස්සුතිංති සුති සමීපං.” (පි. 195)

උපස්සුතික

ඉ. සමීපයට පැමිණ ඇසීම. (පි. 195)

උපසිංඝක

පු. ආඝ්‍රාණය කරන්නා, ඉඹින්නා. (පි. 196)

උපසිංඝති

ක්‍රි. (උප+සිඝ √ භු. ආඝායනෙ, ඉඹීමෙහි +ති) ආඝ්‍රාණය කරයි. ඉඹියි. (පි. 196)

උපසිංඝන

න. ආඝ්‍රාණය කිරීම, ඉඹීම. (පි. 196)

උපසිංඝිත

ති. ආඝ්‍රාණයකළ, ඉඹිනලද. (පි. 196)