සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 288

උපසිංසක

ති. කැමතිවන, ප්‍රමාදවන. (පි. 196)

උපසිඞ්ඝතු

ක්‍රි. (උප+සිඞ්ඝ. √ ත. සිඞ්ඝණෙ+තු) ආඝ්‍රාණය කෙරේවා, සිඹීවා, ආලිඞ්ගනය කෙරේවා, “ඉමං භන්තෙ භගවා පඨමං උප්පල හත්තං උපසිඞ්ඝතු.” (පි. 185)

උපසිඞ්ඝී

ක්‍රි. (උප+සිඞ්ඝ. ත. සිඞ්ඝණෙ සිඹීමෙහි +ඊ) ආඝ්‍රාණය කෙළේය. සිම්බේය. (පි. 185)

උපසුස්සති

ක්‍රි. (උප+සුස √ දි. සොසෙ, වියලීමෙහි +ය+ති) වියලෙයි. (පි. 196)

උපසුස්සන

න. වියලීම, වේලීම. (පි. 196)

උපසෙනියා

ඉ. ළඟ සිටින තැනැත්තී, සාත්තුකාරී. (පි. 196)

උපසෙවති

ක්‍රි. (උප+සි. √ භු. සෙවායං, සේවනයෙහි +ති) සේවනය කරයි. (පි. 196)

උපසෙවන

න. සේවනය, ආශ්‍රය.
න. ව්‍යඤජන, මාළු. (පි. 196)

උපසෙවිත

ති. සේවනයකළ, ඇසුරුකළ. (පි. 196)

උපසෙවී

පු. සේවනය කරන්නා, ආශ්‍රය කරන්නා. (පි. 196)

උපසොභති

ක්‍රි. (උප+සුභ. √ භු. දිත්තියං, බැබලීමෙහි +ඔ+ති) හොබියි, බබලයි. (පි. 196)

උපසොභන

ති. සොභනය, හෙබීම, අලංකාරය. (පි. 196)

උපහච්ච

පු.ක්‍රි. (උප+හන. √ ත්වා, නත්වා = රච්ච) නසා, එනම් බඹලොව. (පි. 196)

උපහච්චපරිනිබ්බායී

පු. ආයුෂයාගේ මධ්‍යයක් ඉක්මවා පිරිනිවන් පානා පුද්ගලයා, සසංඛාර පරිනිබ්බායී, අසංඛාර පරිනිබ්බායි, ආහච්ච පරිනිබ්බායි, උපහච්ච පරිනිබ්බායි සහ උද්ධංසොත අකනිට්ඨගාමී යන පඤ්ච සුද්ධාවාසික සත්වයන් අතුරෙහි උත්තමයෙක්. (පි. 196)

උපහඤ්ඤති

ක්‍රි. (උප+හණ. √ දි. හිංසායං, නැසීමෙහි +ය+ති) නසී. හිංසාකරයි. (පි. 196)

උපහඤ්ඤමාන

ති. නසන, නසනු ලබන. (පි. 196)

උපහත

ති. නසන ලද, මරණ ලද, යටත් කළ.
ති. (උප+හන+ත) නැසුණු, ක්ෂය වූ, “ඛතං උපහතං අත්තානං පරිහරාමි.” (පි. 196)

උපහති

ති. (උප+හන. √ නලෝප+ති) නැසීම. (පි. 196)

උපහතින්ද්‍රිය

න. නැසුනු ඉන්ද්‍රිය ශක්තිය ඇති, ක්ෂය වූ ශ්‍රද්ධාදි ඉන්ද්‍රියන් ඇති. (පි. 185)

උපහනති

ක්‍රි. (උප+හන. √ භු. හිංසායං, නැසීමෙහි +ති) නසයි. (පි. 196)

උපහනන

න. නැසීම, මැරීම. (පි. 196)

උපහරණ

න. පැහැර ගැනීම, එළවීම, පැමිණවීම. (පි. 197)

උපහරති

ක්‍රි. (උප+හර. √ භු. හරණෙ, හැර ගැනීමෙහි +ති) ගනී. පැහැරගනී. (පි. 197)

උපහාර

පුජාව, පිදීම, “උපහාරං කරිස්සාමි”
පු. අභිමුඛයට එළවීම, පූජාව, හුන්තැනට යවන පඬුර. (පි. 185)