සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 289
උපහිංසති
ක්රි. (උප+හිසි. √ රු. හිංසායං, පෙළීමෙහි +o+ති) පෙළයි, හිංසාකරයි. (පි. 197)
උපහිංසන
න. පෙළීම, පීඩා කිරීම. (පි. 197)
උපහිංසිත
ති. පෙළනලද, හිංසා කළ. (පි. 197)
උප්පක්ක
ති. වැඩිපුර ඉදුනු, වඩා තැම්බූ, දැවුනු, “අද්දස ඉත්ථිං උප්පක්කං ඔකිලිනිං ඔකිරිනිං.” (පි. 199)
උප්පක්කමුඛ
පු. මහත් උඩුතොල් ඇති තැනැත්තා. (පි. 199)
උප්පච්ච
පු.ක්රි. ඉගිලී ගොස්, පියාසර කර. (පි. 199)
උප්පච්චති
ක්රි. (උ+පත √ භු. ගතෙ, යාමෙහි +ති) ඉගිලෙයි, උඩට යෙයි. (පි. 199)
උප්පජ්ජති
ක්රි. (උප+පද. √ දි. ගතිම්හි, යාමෙහි +ප ද්විත්වය යකාරයට, ය+ද = ජ ජකාරද්විත්වය+ති) උපදියි. බිහිවෙයි. (පි. 185)
උප්පජ්ජන
න. බිහිවීම, උපදීම. (පි. 185)
උප්පජ්ජනක
පු. උපදින්නා, ඇතිවන්නා. (පි. 185)
උප්පජ්ජිත
ති. ඇතිවූ, ඉපදුනු. (පි. 185)
උප්පටිපාටිය
පු. පිළිවෙළ ඉක්මවීම, උප්පටිපාටිය. (පි. 185)
උප්පණ්ඩන
න. නින්දා කිරීම, උසුලුවිසුලු කිරීම. (පි. 185)
උප්පණ්ඩුප්පණ්ඩුකජාත
ති. කලකිරීමෙන් කහපාටට පැමිණි. සුදුමැලි බවට පැමිණි, “කිසො ලූඛො දුබබණේණා උප්පණ්ඩුප්පණඩුකජාතො ධමනිසන්ථතගත්තො.” (පි. 185)
උප්පණ්ඩෙති
ක්රි. (උ+පණ්ඩ √ චු. පරිභාසෙ, බැණීමෙහි +ණෙ+ති) බණියි, බැණ වැදියි. (පි. 185)
උප්පතති
ක්රි. (උ+පත √ භු. ගමනෙ, යාමෙහි +ති) පනියි, පියාඹයි. (පි. 185)
උප්පත්ති
ඉ. ඉපදීම, උත්පත්තිය, පුනරුත්පත්තිය, මූල ප්රකෘතිය, නිපදවීම, ඌර්ධගමනය. (පි. 185)
උප්පත්තිදෙව
පු. දෙව්ලොව දෙවියෝ. (පි. 185)
උප්පතිත
ති. පනින ලද, පියාඹන ලද. (පි. 185)
උප්පථ
පු. වැරදි මාර්ගය. (පි. 185)
උප්පන්න
න. නිපන්, උපන්, උත්පත්තිය. (පි. 185)
උප්පබ්බජ්ජති
ක්රි. (උ+ප+ වජ. √ භු. ගමනෙ, යාමෙහි +ති) සිවුරු හැරයෙයි. ගිහිවෙයි. (පි. 185)
උප්පබ්බජිත
ති. සිවුරු හැර ගිය, නැවත ගිහි බවට පත් වූ, (පි. 185)
උප්පල
න. මහනෙල් , උපුල්. (පි. 185)