සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 290

උප්පලක

පු. උපුල් වැනිවූ. (පි. 185)

උප්පලිනී

ඉ. මහනෙල් මල් පොකුණ, නෙළුම් පොකුණ. (පි. 185)

උප්පාතන

න. මුලින් උදුරාදැමීම, විනාශකිරීම. (පි. 185)

උප්පාතෙති

ක්‍රි. (උ+පත. √ භු. ගමනෙ, යාමෙහි +ණෙ+ති) උදුරා දමයි, විනාශ කරයි. (පි. 185)

උප්පාද

පු. උත්පත්තිය, ඉපදීම, චන්ද්‍රග්‍රහණාදිය. (පි. 186)

උප්පාදක

පු. උපදවන්නා, උත්පත්තිය ඇති කරන්නා උඩුවූ පා ඇත්තා. සරහ නම් පා අටක් ඇති මෘගයා, මොහුට බඩ පැත්තේ පා සතරක් ද පිට පැත්තේ පා සතරක් ද තිබේ. (පි. 186)

උප්පාදන

න. ඉපදීම, උත්පත්තිය. (පි. 186)

උප්පාදෙති

ක්‍රි. (උ+පද √ දි. ගතෙ, යාමෙහි +ණෙ+ති) උපදවයි, ඇතිකරයි. (පි. 186)

උප්පිලාවති

ති. (උ+පීලු √ භු. ගමනෙ, යාමෙහි +ති) පනියි. (පි. 186)

උප්පිළ

පු. පීඩා කිරීම, විනාශ කිරීම, (පි. 186)

උප්පීළිත

ති. පීඩා කරන ලද, හිරිහැර කරන ලද. (පි. 186)

උප්පීළෙති

ක්‍රි. (උ+පීළ √ චු. විබාධායං, පෙළීමෙහි +ණෙ+ති) පෙළයි. පීඩා කරයි. (පි. 186)

උපාක්ඛ්‍යාන

න. පෙර වූ කථාන්තර කීම, පූර්‍ව වෘත්ත කථනය. (පි. 197)

උපාගච්ඡති

ක්‍රි. (උප+ආ+ගමු. √ භු. මු. = ච්ඡ+ති) සමීපයට එයි. (පි. 197)

උපාගත

ති. සමීපයට පැමිණි, සමීපගත. (පි. 197)

උපාගමන

න. ළඟට පැමිණීම, සමීපයට ඒම. (පි. 197)

උපාත්ත

ති. පැමිණි, ගන්නාලද, විසිකළ. (පි. 197)

උපාත්තවිසය

පු. අධ්‍යාහෘත කටයුතු ක්‍රියාවක් විෂය කොට පවත්නා පදාර්‍ථය.
න. අපාදාන කාරයෙහි අපගමන ක්‍රියාව අධ්‍යාහාර කොට ගන්නා ලද්දී වේනම් එය උපාත්තවිෂය අපාදාන නමි. (පි. 197)

උපාතිගච්ඡති

ක්‍රි. (උප+අති+ගමු. √ භු. ගතිම්හි, යාමෙහි +ති) ඉක්මයෙයි. (පි. 197)

උපාතිධාවති

ක්‍රි. (උප+අති+ධාව √ භු. ගමනවුද්ධිම්හි ගමන් වැඩීමෙහි නොහොත් දිවීමෙහි +ති) ඉක්මදුවයි. (පි. 197)

උපාතිවත්ත

පු. ඉක්මවන ලද, අතික්‍රමණය කළ. (පි. 197)

උපාතිවත්තති

ක්‍රි. (උප+අති+වතු. √ භු. වත්තනෙ, පැවැත්මෙහි +ති) ඉක්මවයි, බැහැර කරයි. (පි. 197)

උපාතිවත්තන

න. ඉක්මවීම, බැහැරකිරීම. (පි. 197)

උපාදහති

ක්‍රි. (උප+ආ+දහ. √ භු. වුද්ධියං, වැඩීමෙහි +ති) පහවයෙයි. (පි. 197)