සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 291

උපාදා

ඉ. (උප+ආ+දා.) සමීපකොට ගැනීම, ග්‍රහණය. (පි. 197)

උපාදාන

න. (උප+ආ+දාන) ග්‍රහණය, තෘෂ්ණාදි වශයෙන් ගැන්ම, කාමුපාදානාදිය. (පි. 197)

උපාදානක්ඛය

පු. උපාදානයන්ගේ ක්ෂයකිරීම, නිර්‍වාණය. (පි. 197)

උපාදානනිදාන

න. උපාදානයන්ගේ නිදානය. (පි. 197)

උපාදානනිරොධ

පු. උපාදානයන්ගේ නිරුද්ධිය, නිවන. (පි. 197)

උපාදානපච්චය

පු. උපාදාන ප්‍රත්‍යය. (පි. 197)

උපාදානාක්ඛන්ධ

පු. උපාදානයන්ට ප්‍රත්‍යය වූ ස්කන්ධ සන්තතිය, කෙලෙස් සහිත පඤ්චස්කන්ධය. (පි. 197)

උපාදානිය

ති. තෘෂ්ණාදි වශයෙන් ග්‍රහණය කටයුතු රූපාදිය. (පි. 197)

උපාදානීය

ති. උපාදානයට කරුණු වූ ධර්‍ම. (පි. 197)

උපාදාය

පු.ක්‍රි. ගෙන. (පි. 197)

උපාදායී

පු. ග්‍රහණය කරන තැනැත්තා. (පි. 197)

උපාදි

පු. (උප+ආ+දා. √ +ඉ ) සම්භාවනයෙහි අනුපාදිසෙස නිබ්බාණ බලනු. (පි. 197)

උපාදින්න

ති. ගන්නා ලද, පරාමර්ෂණය කරන ලද. (පි. 197)

උපාදින්නක

ති. ගන්නා ලද. (පි. 197)

උපාදිය

පු.ක්‍රි. (උපාදියිත්වා = ය) ගෙන. (පි. 197)

උපාදියති

ක්‍රි. (උප+ආ+දා. √ දි. දානෙ, දීමෙහි +ය+ති) ගනී. (පි. 197)

උපාදියන

න. ගැනීම, ග්‍රහණය. (පි. 197)

උපාධි

ඉ. විශේෂණය, නිමිත්ත. (පි. 197)

උපාධිය

ති. කුෂන් කිරීමෙන් අලංකාර කළ, විශේෂණයෙන් සැරසූ. (පි. 197)

උපාන්ත

පු. විරාමය, නවතින තැන, ධාතුන්ගේ ආදි ස්වරවූ ඉ, උ, අ යන මොවුන්ට උපාන්ත සංඥයයි කියත්. (පි. 197)

උපානීය

න. නොදැක්වූ යමක් බුද්ධියෙන් දැනගැනීම, තන්ත්‍ර යුක්ති විශේෂයෙකි. “යද නිද්දිඪං බුද්ධියා අවගමානීයං තදුපා නියං” (පි. 197)

උපාය

පු. ප්‍රයොගය, උපක්‍රමය, සාම, දාන, දණ්ඩ, භෙද යන උපාසතර. (පි. 197)

උපායකුසල

පු. උපායෙහි දක්ෂ, ප්‍රයොගයෙහි නිපුණ. (පි. 198)

උපායකොසල්ල

න. උපායෙහි දක්ෂ බව. (පි. 198)