සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 292
උපායඤාණ
න. උපාය කෞශල්‍ය ඥානය, ස්ථානොචිත ප්‍රඥාව. (පි. 198)
උපායත්ත
ති. අයත්, අයිති. (පි. 198)
උපායන
න. හුන්තැනට යවන පඬුර, තෑග්ග, කප්පම. (පි. 198)
උපායන්තර
න. උපාය විශේෂය. (පි. 198)
උපායාස
පු. දැඩි ආයාසය, තද වෙහෙස, “දුක්ඛෙහි දොමනස්සහි උපයාසෙහි ආදිත්තං” (පි. 198)
උපායාසබහුල
පු. දැඩි ආයාස බහුලකොට ඇත්තේ. (පි. 198)
උපායික
පු. යුක්ති සඞ්ගත ක්‍රියාව, න්‍යායය. (පි. 198)
උපායුපාදාන
න. (උපාය+උපාදාන) උපාය සංඛ්‍යාත උපාදානයෝ, (තෘෂ්ණා දෘෂ්ටි උපායයෝම උපාදාන නම් වෙති.) “උපාදාන” බලන්න. “උපායුපාදානා වෙතසො අදිට්ඨා නාභිනිවෙසානුසයා” (පි. 198)
උපාරබ්ධ
ති. ආරම්භකළ, ති. පටන් ගන්නා ලද, දොස් නැගූ. (පි. 198)
උපාරමති
ක්‍රි. (උප+ආ+රමු √ භු. කීළායං, කෙළීමෙහි +ති) නවතියි, වැළකෙයි. (පි. 198)
උපාරම්භ
පු. දෝෂාරෝපණය, කාරණුත්තරිය කරණය. (පි. 198)
උපාරම්භති
ක්‍රි. (උප+ආ+රහ. √ භු. ආරම්භෙ, පටන් ගැනීමෙහි +ති) දොස් නගයි, පටන් ගනියි. (පි. 198)
උපාරම්භන
න. දෝෂාරෝපණය, දොස් නැගීම. (පි. 198)
උපාලිගාථා
ඉ. උපාලි ගෘහපතියා විසින් බුදුගුණ වැනූ ගාථා සියය. (පි. 198)
උපාලිපඤ්හ
න. උපාලි භික්ෂුහු බුදුන්ගෙන් ඇසූ ප්‍රශ්න. (පි. 198)
උපාසක
පු. (උප+ආස+ණ්වු = අක) තුනුරුවන් අදහන්නා, උපාසකයා. (පි. 198)
උපාසකවෙවචන
න. උපාසක පර්‍ය්‍යාය නාම. (පි. 198)
උපාසති
ක්‍රි. (උප+ආස. √ භු. උපවෙසනෙ, ළඟ හිඳීමෙහි +ති) සේවනය කෙරෙයි. (පි. 198)
උපාසන
න. සමීපාසනය, ළඟ හිඳීම, දුනු ශිල්පය, ගුරුසේවාව. (පි. 198)
උපාසනසාලා
ඉ. දුනු ශිල්පය උගන්වන සාලාව, ශරීර ව්‍යායාම උගන්වන තැන. (පි. 198)
උපාසන්න
ති. සමීප, ළඟ. (පි. 198)
උපාසනීය
ති. සේවනය කටයුතු, ආශ්‍රය කටයුතු, උපාසිතබ්බ. (පි. 198)
උපාසිකා
ඉ. උවැසිය, උපාසිකාව, “සුප්පියො ච උපාසකො සුප්පියා ච උපාසිකා උභතො පසන්නා හොන්ති.” (පි. 198)
උපාසිත
ති. සේවනය කළ, ගෞරව කළ, ආශ්‍රය කළ. (පි. 198)