සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 293

උපාසිතබ්බ

ති. සේවනය කටයුතු. (පි. 198)

උපාසීන

න. සමීපයෙහි හිඳීම, ළඟ හිඳීම. (පි. 198)

උපාහට

ති. එළවන ලද, පමුණුවන ලද. (පි. 198)

උපාහත

ති. දුක් දුන්, අනතුරු කළ. (පි. 198)

උපාහන

න. වහන. මිරිවැඩිය. (පි. 198)

උපාහනත්ථවිකා

ඉ. වහන් දමන පසුම්බිය. (පි. 198)

උපාහනදණ්ඩක

න. වාන් කොක්ක, (පි. 198)

උපාහනා

ඉ. වහන්සඟල, මිරිවැඩිසඟල, “උපාහනා ඔමුඤ්චිත්වා,” (පි. 198)

උපිය

පු.ක්‍රි. ඇතුළට පලාගොස්, යටට ගොස්, “හදයමංසං ඔපියං” (පි. 198)

උපෙක්ඛක

පු. උපේක්ෂා ඇත්තා, උපේක්ෂා කරන්නා. (පි. 198)

උපෙක්ඛති

ක්‍රි. (උප+ඉක්ඛ √ භු. දස්සනඞ්කෙසු, දැකීමය සලකුණුකිරීමය යන මෙහි +ති) උපේක්ෂා කරයි, බලයි. (පි. 198)

උපෙක්ඛන

න. බැලීම, මැදහත්ව බැලීම. (පි. 198)

උපෙක්ඛා

ඉ. බැලීම, පරීක්ෂණය, මධ්‍යස්ථතාව. (පි. 198)

උපෙක්ඛාබ්‍රහ්මවිහාර

පු. උපේක්ෂා බ්‍රහ්ම විහාරය. (පි. 198)

උපෙක්ඛාසති

ඉ. උපේක්ෂා ස්මෘතිය. (පි. 198)

උපෙක්ඛාසම්බොජ්ඣඞ්ග

පු. උපේක්ෂාව වූ සම්බොජ්ඣඞ්ගය, බොජ්ඣඞ්ග බලනු. (පි. 198)

උපෙක්ඛාසුඛ

පු. උපේක්ෂා සැපය, සැප දුක් දෙක්හි කම්පා නොවී මධ්‍යස්ථව සිටීමේ සැපය. (පි. 198)

උපෙක්ඛින්ද්‍රිය

න. ප්‍රධාන භාවයට පැමිණි උපේක්ෂාව. (පි. 199)

උපෙඛා

ඉ. බැලීම, පරීක්ෂණය, මධ්‍යස්ථතාව. (පි. 198)

උපෙච්ච

පු.ක්‍රි. (උප+ඉ ත්වා = රච්ච) උපෙක්ඛා බලනු. (පි. 199)

උපෙත

පු. යුක්ත, සහගත, සඞ්ගත. (පි. 199)

උපෙත්වා

පු.ක්‍රි. (උප+ඉ ත්වා) පැමිණ, ළඟාවී. (පි. 199)

උපෙති

ක්‍රි. (උප+ඉ √ භු. පාපනෙ, පැමිණීමෙහි +ණෙ+ති) පැමිණෙයි. (පි. 199)

උපෙන්ද්‍ර

පු. උපෙන්ද්‍ර, විෂ්ණු. (පි. 199)