සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 294
උපොග්ඝාත
පු. දෘෂ්ටාන්තය, උදාහරණය, සාධකය, “උපොග්ඝාතොච දිට්ඨන්තො තථොදාහරණං භවෙ” (පි. 199)
උපොචිත
ති. රැස්කරන ලද, ගොඩගැසුනු. (පි. 199)
උපොසථ
පු. පාමොක් උදෙසීම, පනත, උපවාසය, අෂ්ටාඞ්ග සීලය, පෞෂථ දිනය, එනම් ඇත්කුලය.
න. පෝය, පොහොය, පෙහෙවස, උපෝසථ කර්මය, දෙවැදෑරුම් උපෝසථය, චාතුද්දසී පණ්ණරසී, සාමග්ගිසංඝ, ගණ, පුද්ගල, සුත්තුද්දෙස, අධිට්ඨාන, පාරිසුද්ධි යන නව ආකාර උපෝසථය. “අජ්ජ ඉමංච දිවසං උපෝසථං උපවසිස්සාමි” (පි. 199)
උපොසථක
පු. උපෝසථයෙන් යුක්තයා, පෙහෙවස් රකින්නා. (පි. 199)
උපොසථකම්ම
න. පොහොය කිරීම, උපෝසථ කර්මය, සිල්සමාදන්වීම, “උපොසථස්ස කම්මං උපොසථ කම්මං” (පි. 199)
උපොසථකරණ
න. පොහොය කිරීම, උපෝසථ කරණය, “එකස්මිං හි සංවච්ඡරෙ ඡ චාතුද්දසික අට්ඨාරස පණ්ණරසික උපොසථ කරණං.” (පි. 199)
උපොසථක්ඛන්ධ
පු. පොහෝ කිරීම පිළිබඳ කරුණු ඇතුළත් කොටස, මහාවග්ග පාළියේ උපෝසථක්ඛන්ධකය. (පි. 199)
උපොසථකාරකා
පු. පොහොය කරන්නෝ, එසේ කරන භික්ෂු භික්ෂුණීහු. (පි. 199)
උපොසථකුල
න. එනම් හත්ථිරාජකුලය, දස ඇත් කුලයන්ගෙන් එකක්. (පි. 199)
උපොසථඞ්ග
න. උපෝසථ අඞ්ගයන්, අටසිල්. (පි. 199)
උපොසථදිවස
න. පොහෝ කරන දිනය, (පි. 199)
උපොසථන්තරාය
පු. පොහොය නොකිරීම, පොහෝ කිරීම පිළිබඳ දශවිධ අන්තරාය. (පි. 199)
උපොසථපඤ්ඤත්ති
ඉ. පොහෝ පවුරුණු කිරීම් පිළිබඳ නීතිරීති පැණවීම. (පි. 199)
උපොසථපමුඛ
න. පොහෝගෙයි ආලින්දය, අක්දෙරිය. (පි. 199)
උපොසථපුච්ඡක
න. පොහොය ගැණ විමසුම, පොහෝ කිරීමාදිය විචාරීම. “අන්වද්ධමාසං භික්ඛුණියා භික්ඛු සඞ්ඝතො ද්වෙ ධම්මා පටිපුච්ඡීතබ්බා උපොසථපුච්ඡකඤ්ච ඔවදුපසඞ්කමනඤ්ච” (පි. 199)
උපොසථභත්ත
න. පෝය දිනයෙහි දෙන බත, පෝය දිනවල දෙන දානය. (පි. 199)
උපොසථාගාර
න. සීමාව, පෝය සීමාව, පෝය ගේ, උපෝසථාගාරය, “අනුජානාමි භික්ඛවෙ උපොසථාගාරං සම්මන්නිත්වා උපොසථං කාතුං.” (පි. 199)
උපොසථාධිට්ඨාන
න. පොහොය ඉටාගැනීම, උපෝෂථාධිෂ්ඨානය. (පි. 199)
උපොසථික
පු. පෝය දිනයෙහි සිල්සමාදන් වූ තැනැත්තා. ඒ අය විසින් දෙනු ලබන දානය. පිණ්ඩපාත භොජනයට අතිරෙකව ලැබෙන බත. (පි. 199)
උබ්බ
√ භු. ධාරණෙ, දැරීමෙහි උබ්බති, උසුලයි, දරයි.
√ භු. ධාරණෙ, දැරීමෙහි උබ්බති, දරයි. (පි. 191)
උබ්බට්ට
න. ඇඟ ඉලීම, ඇඟ මිරිකීම. (පි. 199)
උබ්බට්ටක
පු. ඇඟ උලන්නා, උද්වර්තනය කරන්නා. (පි. 199)
උබ්බට්ටන
න. උද්වර්තනය, ඇඟලීම, ඉලීම. (පි. 199)
උබ්බට්ටාපෙති
ක්රි. (උ+වට්ට √ භු. ආවට්ටනෙ, වටකිරීමෙහි +ණෙ+ති) ඇඟ උලයි. (පි. 199)