සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 299

උභයපදත්ථප්පධාන

පු. පූර්‍ව සහ උත්තර පදාර්ථයන් ප්‍රධාන කොට ඇති සමාසය, ද්වන්ද සමාසය. (පි. 202)

උභයපාතිමොක්ඛ

න. භික්ෂු-භික්ෂුණී ප්‍රාතිමොක්ෂය, “භික්ඛු-භික්ඛුණී පාතිමොක්ඛානි උබය පාතිමොක්ඛානි නාම හොන්ති.” (පි. 202)

උභයමිස්සක

න. ගල් හා පස් මිශ්‍ර වූ පර්‍වතය. (පි. 202)

උභයමුත්තක

පු. සත්ත කෙශවත්වය හා මශ්‍රැමත්වය යන දෙකින් තොරවීම, උභය මුක්තකයා “ථන කෙසවතී නාරීමස්සුමා පුරිසො සියා උභින්තමත්තරං එතං ඉතරො භය මුත්තකො.” (පි. 202)

උභයවිභඞ්ග

න. පාරාජික හා පාචිත්තිය යන පොත් දෙක. (පි. 202)

උභින්නං

අ. උභශබ්දයාගේ නං = ඉන්නං දෙදෙනකුට. දෙදෙනකුන්ගේ. (පි. 202)

උභො

අ. දෙක, දෙදෙන, දෙකොටස. (පි. 202)

උභො අත්ථ

න. උභයාර්ථය, මෙලෝ පරලෝ යහපත. (පි. 202)

උභො උපකච්ඡක

න. කිසිලි දෙක, දෙකිසිල්ල. (පි. 202)

උම

√ භු. නින්දායං, නින්දාවෙහි, උමති, නිද්නා කරයි. (පි. 203)

උම්භ

√ භු. පූරණෙ, පිරවීමෙහි, උම්භති, පුරවයි. (පි. 202)

උම්භති

ක්‍රි. (උම්භ √ භු. පූරණෙ, පිරවීමෙහි +ති) පුරවයි. (පි. 202)

උම්මග්ග

පු. නොමග. උමගය, ප්‍රඥාව, නුවණ, “උපකාජීවකො උම්මග්ගං ගහෙත්වා පක්කාමි.” (පි. 202)

උම්මජ්ජති

ක්‍රි. (උ+මජ්ජ √ භු. සංමජ්ජනෙ, මැඩීමෙහි +ති) ඇඟ උලයි, ඇඟ මිරිකයි. (පි. 202)

උම්මජ්ජන

න. (උ+මජ්ජ+යු=අන) උන්මාර්ජනය, ඇඟ ඉලීම. (පි. 202)

උම්මජ්ජිත

න. ඇඟ උලන ලද; උන්මාර්ජනය කළ. (පි. 202)

උම්මට්ඨ

න. උඩපැත්තේ සිදුර, “උද්ධමුඛ ඡිද්දන්ති=උම්මට්ඨං.”
පු. යට සිට උඩු අතට ගසන පහර. (පි. 202)

උම්මත්ත

පු. අත්තන ගස.
ති. උමතුවා, පිස්සා, සිහිමුළාවූ අය, “යක්ඛුම්මත්ත පිත්තුම්මත්ත වසෙන දුවිධං උම්මත්තං.” (පි. 202)

උම්මත්තක

පු. උමතුවා, පිස්සා, උම්මත්තිකා, පිස්සී. (පි. 202)

උම්මත්තකසම්මුති

න. උමතු භික්ෂුවට කරන විනයකර්මය, අසම්මුඛාකරණීය අටෙන් එකක්, මොහු සඟ මැද සිටියත් නොසිටියත් විනයකර්මවලට බාධාවක් නැත. (පි. 203)

උම්මත්තරූප

ති. උමතු ස්වභාවය, පිස්සුගතිය. (පි. 203)

උම්මද්දන

න. වත්සුණු, මුහුණෙහි ගාන සුවඳ ද්‍රව්‍යය. (පි. 203)

උම්මද්දාපෙය්‍ය

ක්‍රි. (උ+මද්ද √ භු. මද්දනෙ, මර්‍දනයෙහි, +ණාපෙ+එය්‍ය) ඇඟ උලවන්නේය. (පි. 203)

උම්මද්දිතබ්බ

ති. තැවරිය යුතු. (පි. 203)