සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 298
උභතො
අ. දෙපක්ෂයෙන්, දෙපසින්. (පි. 201)
උභතො අවස්සුත
ති. දෙපසින් තෙත් වූ, “උභතො අවස්සුතෙ ආපත්ති පාරාජිකස්ස.” (පි. 201)
උභතොකාජ
න. දෙකෙළවර එල්වූ බර ඇති කද, දෙකෙළවර කද, “න භික්ඛවෙ උබතොකාජං හරිතබ්බං.” (පි. 201)
උභතොකොටික
ති. කොන් දෙකක් ඇති, මෙය සැබෑ නම් එය බොරු යයි දෙකෙළවරක් ඇති. (පි. 201)
උභතොධාරා
ති. දෙපැත්ත කැපෙන මුවහත ඇති, දෙපැත්තම මුවහත ඇති, “න භික්ඛවෙ උභතො ධාරා ආයුධං පරිහරිතබ්බං.” (පි. 201)
උභතොපඤ්ඤත්තී
ඉ. භික්ෂු භික්ෂුණී දෙපක්ෂයට සමානව පැණවූ ප්රඥප්තිය, නවවිධ ප්රඥප්තීන් ගෙන් එකක්. (පි. 201)
උභතොපසන්න
න. දෙපක්ෂය විසින්ම පැහැදුණු, උපාසක-උපාසිකා දෙපක්ෂය විසින්ම පහන්වන ලද, “බාරාණසියං අඤ්ඤතරං කුලං උභතො පසන්නං හොති.” (පි. 201)
උභතොබ්යඤ්ජක
ති. උභතො බ්යඤ්ජකයා, ස්ත්රී-පුරුෂ නිමිති දෙකින් ම යුක්ත වූ, අහේතුක ප්රතිසන්ධිකයා. (පි. 201)
උභතොභාගවිමුත්ත
ති. අරූප සමාපත්තියෙන් රූපකයින් ද මාර්ගයෙන් නාමකයින්ද යන දෙකින් මිදුනු තැනැත්තා. (පි. 202)
උභතොරත්තුපධානක
න. හිස හා පාමුල රත් කන් වයින් ඇති, එවැනි ආසනය. (පි. 202)
උභතොලොහිතකුපධාන
න. හිස හා පාමුල රත් කන් වයින් ඇති, එවැනි ආසනය. (පි. 202)
උභතොවණ්ටික
ති. නැටි දෙපැත්තට සිටින ලෙස ගෙතූ මල්දම. (පි. 202)
උභතොවිභඞ්ග
න. උභය විභඞ්ගය, පාරාජික-පාචිත්තිය යන පොත් දෙක. (පි. 202)
උභතොවිභඞ්ගභාණක
පු. පාරාජික-පාචිත්තිය යන පොත් දෙක හදාළා වූ භික්ෂුහු, අට්ඨාරස මහා ගණයන්ගෙන් එක් කොටසක්. (පි. 202)
උභතොසඞ්ඝ
පු. භික්ෂු-භික්ෂුණී සඞ්ඝයා. “සික්ඛමානා උභතො සඞ්ඝෙ උපසම්පදා පරියෙසිතබ්බා.” (පි. 202)
උභය
ති. දෙක, දෙදෙන, දෙකොටස. (පි. 202)
උභයංස
පු. දෙ අංසය, දෙකොටස, සම්පූර්ණයෙන්ම. (පි. 202)
උභයක්ඛන්ධක
න. චුල්ලවග්ග-මහාවග්ග යන දෙපාළිය. (පි. 202)
උභයක්ඛය
න. ආයුෂ හා කර්මය ගෙවී යාමෙන් සිදුවන මරණය. සිවුවැදෑරුම් මරණයන් ගෙන් එකක්. (පි. 202)
උභයත්ථ
පු. අර්ථද්වය, මෙලෝ පරලෝ අර්ථදෙක. (පි. 202)
උභයත්ථෙනක
පු. මහණකම හා පොහෝ පවුරුණු ආදි සංවාසය සොරකම් කළ තැනැත්තා. (පි. 202)
උභයත්ර
අ. උභයත්ථ, දෙතන්හි. (පි. 202)
උභයතොදික
පු. උභය භාගාදි අර්ථ. (පි. 202)
උභයපඤ්ඤත්ති
ඉ. භික්ෂු-භික්ෂූණී දෙපක්ෂයට සාධාරණව පැණ වූ ශික්ෂා පද. (පි. 202)