සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 297

උබ්බෙධති

ක්‍රි. (උ+විධ √ භු. කම්පනෙ, කම්පා වීමෙහි +ණෙ+ති) කම්පාවෙයි, තැතිගනී. (පි. 201)

උබ්බෙධන

න. කම්පාවීම, චලනය. (පි. 201)

උබ්බෙධිත

ති. කලකිරුණු කම්පාවන ලද. (පි. 201)

උබ්භ

√ භු. පුරණෙ පිරීමෙහි උබ්භති, පූරණය කරයි.
(උද්ධ-උබ්භ) උඩ, උඩබාගය, උඩ පෙදෙස.
√ භු. හිංසනෙ, පීඩාවෙහි, උබ්භති, පෙළයි, පීඩාකරයි.
√ භු. පූරණෙ, පිරීමෙහි, උබ්භති, පිරෙයි, පුරවයි. (පි. 201)

උබ්භකප්පර

න. වැලමිටින් උඩ, දෙවෙනි මහ හන්දියෙන් උඩ. (පි. 201)

උබ්භක්ඛක

න. අකු ඇටින් උඩ, අකු ඇටින් උඩ පෙදෙස. (පි. 201)

උබ්භට්ඨක

පු. නැගිට සිටින්නා, උඩ පැන පැන යන තැනැත්තා. (පි. 201)

උබ්භණ්ඩීත

ති. ඔසවා ගත් බඩු පොදි ඇති. “සම්බහුලෙ භික්ඛු චීවරෙහි උබ්භණ්ඩිතෙ.” (පි. 201)

උබ්භත

ති. ඔසවන ලද, දියෙන් ගොඩ ගන්නා ලද, උදුරණ ලද, උදුල, උද්ධරණය කළ, “උබ්භතං කිර කඨිනං” (පි. 201)

උබ්භති

ක්‍රි. (උබ්භ, √ භු. පූරණෙ, පිරීමෙහි +ති) පුරයි, පුරවයි. (පි. 191)

උබ්භමුග්ගත

ති. උබ්භ+උග්ගත+උඩට පැමිණි, ඌර්‍ධවගත. (පි. 201)

උබ්භව

පු. උද්භවය, උත්පත්තිය, ඉපදීම. (පි. 201)

උබ්භාර

පු. බර, එසවිය යුතු බර, කඨිනය, උද්ධරණයකිරීම, “උබ්භාරො උද්ධරණං” (පි. 201)

උබ්භිජ්ජ

පු.ක්‍රි. බිඳ, දෙපළුකර, ඉපිද. (පි. 201)

උබ්භිජ්ජති

ක්‍රි. (උ+භිද √ දි. භෙදනෙ, බිඳීමෙහි +ය+ති) බිඳියි, සිඳියි, කඩයි. (පි. 201)

උබ්භිජ්ජන

න. බිඳීම, සිඳීම. (පි. 201)

උබ්භිද

න. සුවස ලුණු. වැලි ගැරූ ලුණු සුවස ලුණුයි. සාමුද්දං, කාළලොණං, සින්ධිවං, උබ්භිදං, බිළාලං යන ලුණු පස්වර්‍ගයෙන් උබ්භිද ලුණු. (පි. 201)

උබ්භිදොදක

න. උබ්භින්න උදකය, පොකුණු ආදියෙහි උල්පත්වලින් ඇතුළතම උපදනා ජලය. (පි. 201)

උබ්භින්දන

න. බිඳීම, සිඳීම. (පි. 201)

උබ්භින්න

ති. බිඳුනු. (පි. 201)

උබ්භුජති

ක්‍රි. (උ+භුජ √ භු. කොටිල්ලෙ, කුටිලබැව්හි +ති) උසට යෙයි. උඩට යෙයි. (පි. 201)

උබ්භුජිත්වා

පු.ක්‍රි. (උ+භුජ+ඉ+ත්වා) උස්සාගෙන, සිවුර ඔසවාගෙන. (පි. 201)

උබ්භුත

ති. හටගත්, උපන්. (පි. 201)

උභ

ති. දෙක, දෙදෙනා, ද්විසංඛ්‍යාව.
√ භු. පූරණෙ, පිරීමෙහි. උභති, පුරයි, පුරවයි. (පි. 201)