සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 296

උබ්බාහිකාවිනිච්ඡය

පු. සිල්වත් භික්ෂුන් දෙතුන් නමක් තෝරාගෙන කරන අධිකරණ විනිශ්චය. (පි. 200)

උබ්බාහෙති

ක්‍රි. (උ+වහ. √ භු. පාපණෙ, බර ඉසිලීමෙහි +ණෙ+ති) කරදර කරවයි. ක්‍රෝධකරවයි, බාධාකරවයි. (පි. 200)

උබ්බාළහ

ති. කරදර කළ, හිංසා කළ, ක්‍රෝධ කළ, හිරිහැරයට පැමිණි. (පි. 200)

උබ්බිග්ග

ති. උද්විග්න, කලකිරුණු, උකටලීවූ, බියෙන් වෙව්ලන. (පි. 200)

උබ්බිජ්ජති

ක්‍රි. (උ+විජී, √ දි. භයචලනෙ, බියවීමෙහි +ති) සංවේගයට පැමිණෙයි, කළකිරෙයි. (පි. 200)

උබ්බිජ්ජන

න. කලකිරීම, උකටලිවීම. (පි. 200)

උබ්බිනය

පු. විනයට විරුද්ධ, විනය ඉක්මගිය, “උද්ධම්මං උබ්බිනයං කත්වා” (පි. 200)

උබ්බිල්ල

න. උඩඟු, උද්ධත, ඉපිළීම, අධික සන්තෝෂය. (පි. 200)

උබ්බිල්ලාවිත

ති. සතුටුවූ, ප්‍රීතිවූ, ඉපිලෙන ස්වභාවය. (පි. 200)

උබ්බිල්ලාවිතත්ත

න. ඉපිලීම් බව, උඩඟු බව. (පි. 200)

උබ්බිල්ලිත

ති. උඩඟුවූ, උද්ධතවූ. (පි. 200)

උබ්බිලාප

පු. (උ+විලාප) මහත් විලාපය. (පි. 200)

උබ්බිසති

ක්‍රි. උබ්බසති බලනු. (පි. 200)

උබ්බී

ඉ. භුමිය, පොළව, උර්වී.
√ භු. හිසෙනෙ-ධාරණෙ, හිංසාවෙහි, දැරීමෙහි උබ්බති, හිංසා කරයි. (පි. 200)

උබ්බෙග

පු. උද්වේගය, කලකිරීම, ලොමු දැහැගන්නා බිය. (පි. 200)

උබ්බෙගපීති

ඉ. උද්වෙග ප්‍රීතිය, සිරුර අහසට නැංවීමට තරම් වේගවත්වූ ප්‍රීතිය, පඤ්චවිධ ප්‍රීතින්ගෙන් එකක්. (පි. 200)

උබ්බෙගී

පු. උද්වෙග ඇත්තා, කලකිරීම ඇත්තා. (පි. 200)

උබ්බෙජනීය

ති. උද්වෙජනීය, කලකිරිය යුතු. (පි. 200)

උබ්බෙජිත

ති. කලකිරුණු, උද්වෙජයට පැමිණි. (පි. 200)

උබ්බෙජෙති

ක්‍රි. (උ+විජි √ භු. භයචලනෙ, බියවීමෙහි හා චංචලයෙහි) බියවෙයි, සැලෙයි. (පි. 201)

උබ්බෙඨති

ක්‍රි. (උ+වෙඨ √ භු. වෙඨනෙ, වෙලීමෙහි +ති) වෙළයි, වෙළුකවයි. (පි. 201)

උබ්බෙඨන

න. එතීම, වෙලුකැවීම. (පි. 201)

උබ්බෙඨිත

ති. එතු, වෙලු කවන ලද. (පි. 201)

උබ්බෙධ

පු. උස, උස ප්‍රමාණය. (පි. 201)