සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 304

උල්ලුම්පන

න. උද්ධරණය කිරීම, ගොඩනැගීම. (පි. 205)

උල්ලුම්පිත

ති. උද්ධරණය කළ, ගොඩදැමූ. (පි. 205)

උල්ලුලිත

ති. (සුළඟින්) සොළවන ලද, රැලි ගැසෙන ලද. (පි. 205)

උල්ලොක

පු. උඩබැලීම, උඩකොටස, යට ගුදිරි උරය, “උල්ලොකඤ්ච උද්ධං ඔලොකනට්ඨානං උපරිභාගන්ති අත්ථො.” (පි. 205)

උල්ලොකක

පු. උඩ බලන්නා. (පි. 205)

උල්ලොකන

න. උඩ බැලීම, උපරිභාගය බැලීම. (පි. 205)

උල්ලොකිත

ති. උඩබලන ලද, උඩබැලූ. (පි. 205)

උල්ලොකෙති

ක්‍රි. (උ+ලොක √ චු. දස්සනෙ, දැකීමෙහි +ණෙ+ති) උඩ බලයි. (පි. 205)

උල්ලොඝ

පු. නිරෝගී, ලෙඩ නැති. (පි. 205)

උල්ලොච

න. වියන, උඩුවියන. (පි. 205)

උල්ලොපන

න_උද්ධරණය, උඩට එසවීම. (පි. 205)

උල්ලොම

පු. න. උඩුවියන, නිර්භය, මයිල් කෙලින් සිටීම. (පි. 205)

උල්ලොල

පු. මුහුදේ රැල, නොනැවතිල්ල. (පි. 205)

උල්ලොලෙති

ක්‍රි. (උ+ලොල √ භු. ලොලනෙ) ලොල්කිරීමෙහි, උඩටනගයි. (පි. 205)

උලාර

පු. උළාර, මහත්. (පි. 205)

උලාරත්ත

න. මහත්බව. (පි. 205)

උලාරතා

ඉ. උළාරබව, මහත්බව. (පි. 205)

උලු

පු. උළු, තාරකා. (පි. 205)

උලුඞ්ක

න. සැන්ද, හැන්ද. (පි. 205)

උලුම්ප

න. පසුර, පහුර. (පි. 205)

උලුම්පික

පු. පසුරෙන් එතෙරවන්නා, ඔලුම් පික. (පි. 205)

උලූක

පු. බකමූණා, බස්සා. (පි. 205)

උලූකපක්ඛ

පු. බකමූණු පියාපත්. (පි. 205)

උලූකපක්ඛික

න. බකමූණු පිහාටුවලින් කළ වස්ත්‍රය. (පි. 205)