සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 305

උලූපී

පු. මත්ස්‍ය විශේෂයක්. (පි. 205)

උලූමල

න. ගුගුල්, ගුග්ගුලු. (පි. 205)

උලූමලක

පු. ගුගුල්. (පි. 205)

උවණ්ණ

පු. උවර්ණය, උ ඌ යන අකුරු දෙක. (පි. 205)

උවාළ

පු. තස්ස පාපිය්‍යසිකා කර්මය කරණු ලැබූ භික්ෂු නමක්. (පි. 205)

උවිට්ඨ

ති. ඇතුළ්වූ, පිවිසෙන ලද. (පි. 205)

උස

√ ග. දාහෙ, දැවීමෙහි, උණ්හාපෙති, දවයි, උණුසුම් කරයි. (පි. 207)

උසගන්ධ

පු. පස්වල සුවඳ, මැටි ආදියෙහි ඇති සුවඳ. (පි. 209)

උසණ

ඉ. වගපුල්, එනම් මල්. (පි. 207)

උසති

ක්‍රි. (උස √ භු. රුජායං, රුදාවෙහි +ති) රුදා කරයි. (පි. 207)

උසභ

ති. ශ්‍රේෂ්ඨ, උත්තම, උසස්.
පු. එනම් ස්වරය, ඔසබිය, වෘෂභයා. වං ඇපල, සප්තස්වරයෙන් එකක්, ගවනාදය.
න. ඉස්බ, රියන් 140ක දුර ප්‍රමාණය. (පි. 207)

උසභක්ඛන්ධ

පු. වෘෂභයාගේ කඳ, උතුම් ගවයාගේ පිට. (පි. 207)

උසභඞ්ග

පු. ගොන් මොල්ලිය. (පි. 207)

උසභච්ඡද

පු. බුදුරජ, දුඃඛයට මූලභූත තෘෂ්ණාව සිඳිතැනැත්තා. (පි. 207)

උසභදාන

න. දෙනුන් හෝ ගවයන් දන්දීම. (පි. 207)

උසභයුද්ධ

න. ගවපොර, ගවයන් පොර ඇණ ගැනීම. (පි. 207)

උසභලක්ඛණ

න. ගව ලක්ෂණ, එනම් ශාස්ත්‍රය. (පි. 207)

උසර

පු. සරුනැතිබිම, නිසරුබිම, කරමැටිබිම. (පි. 207)

උස්ම

පු. උෂ්ණය, රස්නය. (පි. 205)

උස්මිකත

ති. උණුසුම් කළ, උණුසුම් ගන්වන ලද. (පි. 206)

උස්ස

ති. උසස්, ශ්‍රේෂ්ඨ.
√ භු. සංඝට්ටනෙ, ගැටීමෙහි, උස්සති, ගටයි. (පි. 206)

උස්සක්කති

ති. (උ+සක්ක √ භු. ගමනෙ, යාමෙහි +ති) යෙයි, උසස්වයෙයි. (පි. 206)

උස්සක්කන

න. උත්සාහය, වීර්‍ය්‍යයය. (පි. 206)

උස්සඞ්කිත

ති. සැකකළ, විශ්වාස නොකළ, “පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උස්සඞ්කිත පරිසඞ්කිතො හොති.” (පි. 206)

උස්සඞ්කී

පු. සැක ඇත්තා, සැක සහිතයා. “භීතො උම්මග්ගො උස්සඞ්කී උත්‍රස්තො සහසා අන්තෙපුරං පාවිසි.” (පි. 206)