සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 306
උස්සඞ්ඛ
පු. උද්ගතවූ සක්ගෙඩිය. (පි. 206)
උස්සඞ්ඛපාද
පු. එනම් පාද ලක්ෂණය, මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සත්වන ලක්ෂණය. (පි. 206)
උස්සජති
ක්රි. (උ+සජ √ භු. විස්සජ්ජනෙ, හැරීමෙහි +ති) ඉවත්කරයි, හරියි. (පි. 206)
උස්සජ්ජති
ක්රි. උස්සජති බලනු. (පි. 206)
උස්සට
ති. හරණ ලද, බැහැර කළ. (පි. 206)
උස්සති
ක්රි. (උස්ස √ භු. ඝට්ටනෙ, ගැටීමෙ+ති) ගටයි. (පි. 206)
උස්සද
පු. ඔසුපත් නිරය, රාගාදී කෙලෙස්. (පි. 206)
උස්සදක
පු. උස්සදය, පිරී ඉතිරී යාම. (පි. 206)
උස්සන්ත
ති. උසස්, අධික, වැඩි, ශක්ති සම්පන්න. (පි. 206)
උස්සන්තතා
ඉ. අධික බව, වැඩිබව. (පි. 206)
උස්සය
පු. රැස් කිරීම, නැගී සිටීම, ඉල්පීම. (පි. 206)
උස්සයවත්ථු
න. විවාද පිළිබඳ කථාකිරීම. (පි. 206)
උස්සයවාදී
පු. කොළාහල සහිතය, ඵරුෂ වචන කියන්නා. (පි. 206)
උස්සයාපෙති
ක්රි. (උ+සි √ භු. සයෙ, සැතපීමෙහි +ණාපෙ+ති) උස් කරවයි. (පි. 206)
උස්සරති
ක්රි. (උ+සර √ භු. සද්දෙ, ශබ්දයෙහි +ති) ශබ්ද කරයි. මහත් ශබ්ද කරයි. (පි. 206)
උස්සරථ
ක්රි. (උ+සර+ √ භු. සද්දෙ. ශබ්දයෙහි +අ) දුරුවවු, පහවවු. (පි. 206)
උස්සව
පු. උත්සවය, සැනකෙළිය, නැකැත් කෙළිය. (පි. 206)
උස්සහති
ක්රි. (උ+සහ √ භු. ඛමායං, ඉවසීමෙහි +ති) උත්සාහ කරයි. වීර්ය්ය කරයි. (පි. 206)
උස්සාද
පු. එසවීම, ඔසවීම, වීසි කිරීම. (පි. 206)
උස්සාදන
න. එසවන, ඔසවන, උස් කරන. (පි. 206)
උස්සාදයිංසු
ක්රි. (උ+සාද √ භු. අස්සාදනාදීසු, රස විඳීම් ආදියෙහි +උං=ඉංසු) ඉතිරි කළහ. ශේෂ කළහ. (පි. 206)
උස්සාදිත
ති. ඔසවන ලද, උස් කළ. (පි. 206)
උස්සාදියති
ක්රි. (උ+සාද √ භු. අස්සාදනාදිසු, රස විඳීම් ආදියෙහි +ති) ඔසවයි, උස්සයි. (පි. 206)
උස්සාදියන
න. ඔසවන, උස්සන. (පි. 206)