සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 307

උස්සාදෙතා

පු. උසස් කරන්නා පක්ෂය හුවා දක්වන්නා. (පි. 206)

උස්සාදෙති

ක්‍රි. (උ+සද √ භු. ගත්‍යවසා‍දනෙ, ගමන් නැවැත්මෙහි +ණෙ+ති) ඔසවයි, උස්සයි. (පි. 206)

උස්සාදෙය්‍ය

ක්‍රි. (උ+සද √ භු. අස්සාදනාදිසු, රස විඳීම් ආදියෙහි +එය්‍ය) රැස්කරන්නේය, එකතු කරන්නේය. (පි. 206)

උස්සාපන

න. එසවීම, උස් කිරීම. (පි. 206)

උස්සාපිත

ති. ඔසවන ලද, උස් කළ. (පි. 206)

උස්සාපෙත්වා

පු.ක්‍රි. උස්සා, ඔසවා. “චීවරං උස්සාපෙත්වා පුනප්පුනං විවජ්ජන්තා.” (පි. 206)

උස්සාපෙති

ක්‍රි. උස්සාදෙති බලනු. (පි. 206)

උස්සාරණ

න. කස කරකැවීම, වේවැල් එසවීම. (පි. 206)

උස්සාරිත

ති. ඔසවනලද, උස් කළ. රැස්වූ, එක්තැන්කළ. (පි. 206)

උස්සාරෙති

ක්‍රි. (උ+සර √ භු. ගතියං යාමෙහි +ණෙ+ති) ඔසවයි, උස්සයි. (පි. 206)

උස්සාව

පු. පිනි, තුසාර “උස්සාවොව තිණග්ගම්හි.” (පි. 206)

උස්සාවන

න. එසවීම, දැක්වීම. (පි. 206)

උස්සාවනන්තික

පු. ප්‍රසිද්ධ කළ සීමාව ඇතුළත කළ කුටිය. (පි. 206)

උස්සාවබින්දු

පු. පිනිබින්දුව, “උස්සාවබින්දු තක්කනං විය.” (පි. 206)

උස්සාස

උඩට නගනා ස්වාසය, ඉහළට නගනා හුස්ම. (පි. 207)

උස්සාහ

පු. (උ+සාහ) උත්සාහය, වීර්‍ය්‍යය. “යාවජීවං උස්සාහො කරණීයො” (පි. 207)

උස්සාහන

න. වීර්‍ය්‍ය කිරීම. (පි. 207)

උස්සාහිත

ති. උස්සාහ කළ, වීර්‍ය්‍ය කළ. (පි. 207)

උස්සිඤ්චති

ක්‍රි. (උ+සිව. √ රු. උග්ඝරණෙ, වැගිරීමෙහි +o+ති) ඉසියි, දිය වගුරුවයි. (පි. 207)

උස්සිඤ්චන

න. (උ+සිඤ්ච+යු=අන) ඉසීම, දිය වැගිරීම, දිය ඉසීම. (පි. 207)

උස්සිඤ්චනීයකද්දම

න. ඉසින්ට හැකි මඩ, ඝන නොවූ මඩ. (පි. 207)

උස්සිත

ති. අභිවෘද්ධියෙන් සමන්විතයා, නගා බඳනා ලද ධ්වජ ඇත්තා. ඔසවනලද, එසවූ. (පි. 207)

උස්සිසක

පු. හිස් මස්තකය, හිස මතු භාගය, හිස් දොර. (පි. 207)

උස්සීස

න. ඇ‍ඳේ හිස, ඇ‍ඳේ හිස තැබීම. (පි. 207)