සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 308
උස්සුක
ති. උත්සාහ ඇත්තා, අධික වීර්ය්යය. (පි. 207)
උස්සුක්ක
ති. උත්සාහය, වීර්ය්යය, මාර්ගසෙවීම, “උස්සුක්කංවා කාතබ්බං.” (පි. 207)
උස්සුක්කතා
ඉ. වීර්ය්යභාවය, උත්සාහ භාවය. (පි. 207)
උස්සුක්කති
ක්රි. (උ+සුක √ භු. ගතියං, යෑමෙහි +ති) වීර්ය්යකරයි උත්සාහකරයි. (පි. 207)
උස්සුක්කන
න. වීර්ය්යකිරීම, උත්සාහ කිරීම. (පි. 207)
උස්සුකිත
ති. තෘෂ්ණාවෙන් තොර තැනැත්තා. (පි. 207)
උස්සුකී
පු. උද්යෝග ඇත්තා, වීර්ය්ය ඇත්තා. (පි. 207)
උස්සුඤ්චිත
ති. ඉසින ලද, ඉසි. (පි. 207)
උස්සුස්සති
ක්රි. (උ+සුස √ දි. සො සෙ, වියලීමෙහි. ය+ති) වියලෙයි. (පි. 207)
උස්සුස්සන
න. වියලීම, දියසිඳීයාම. (පි. 207)
උස්සුස්සිත
ති. වියලුනු, වේලිච්ච. (පි. 207)
උස්සූර
පු. සූර්ය්යොද්ගමය, අති උදය, අළුයම, “උස්සූරෙ භත්තං නිහරිස්සති.” (පි. 207)
උස්සූරභත්ත
පු. අනියම් බත, පසු බත, මද්ධ්යාහ්නයෙන් පසුව වළඳන බත. (පි. 207)
උස්සූරසෙය්යා
ඉ. ඉර පායනතුරු නිදීම, ප්රමාදව නිදීම. (පි. 207)
උස්සෙති
ක්රි. (උ+සි. √ චු. බන්ධනෙ, බැඳීමෙහි ණෙ+ති) ගොඩ නගයි. (පි. 207)
උස්සෙනෙති
ක්රි. (උ+සි. √ චු. සෙචනෙ, සෙවීමෙහි +ණ+ති) තමන්වෙත අදියි. (පි. 207)
උස්සොත
පු. දොල මත, ගඟ ඉස්මත්ත. (පි. 207)
උස්සොළ්හන්ති
ක්රි. සිවුරුහම් කරත්, උරුහම් බාත්. (පි. 207)
උස්සොළ්හි
ඉ. වීර්ය්යය, උත්සාහය, මල්ලව යුද්ධය. (පි. 207)
උස්සොළ්හික
පු. වීර්ය්යවන්තයා. (පි. 207)
උස්සොළ්හිස්සන්ති
ක්රි. සිවුරුහම් කරන්නාහුය, උරුහම් බාන්නාහුය. (පි. 207)
උසිත
ති. වාසයකළ, වැස නිමවනලද, වුසිත. (පි. 207)
උසීර
න. සුවඳහොට, සැවැන්දරා, බබුස්තණ. (පි. 207)
උසීරද්ධජ
පු. උසීරධ්වජ පර්වතය, මධ්යමණ්ඩලයේ එක් සීමාවක්. (පි. 208)