සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 303
උරු
ඉ. වැලි, වාලුකා, “උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජායතීරේ”
ති. මහත් විසාල. (පි. 204)
උරුන්දා
ඉ. මහත, විචිත්රතාව. (පි. 204)
උරුවෙලා
ඉ. දඹදිව බුද්ධගයාව සමීපයෙහි පිහිටි එනම් ජනපදය. “බුද්ධො භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ.” (පි. 204)
උරූළ්හ
ති. ශක්තිය, පරාක්රමය, මහාවීර්ය්යය. (පි. 204)
උරොජාත
පු. පුත්රයා, උරදා. (පි. 204)
උල
√ භු. ගතියං, යෑමෙහි, උලති, යෙයි. (පි. 205)
උලති
ක්රි. (උල √ භු. ගමනෙ, යාමෙහි +ති) යෙයි. (පි. 205)
උල්ලඞ්ඝති
ක්රි. (උ+ලඝි √ රු. ගතියං, යාමෙහි +ති) උල්ලඞ්ඝනය කරයි, පැනයයි. (පි. 204)
උල්ලඞ්ඝන
න. පැනයාම, උඩට එසවීම, “උල්ලඞ්ඝනං නාම උද්ධං උච්චාරණං.” (පි. 204)
උල්ලඞ්ඝිත
ති. පැනයන ලද, උඩට ඔසවන ලද. (පි. 205)
උල්ලඞ්ඝෙති
ක්රි. (උ+ලඝි √ රු. ලඞ්ඝනෙ, පැනයාමෙහි +ණෙ+ති) පැන යයි, උල්ලඞ්ඝනය කරයි. (පි. 205)
උල්ලපති
ක්රි. (උ+ලප √ භු. වාක්යෙ, කීමෙහි +ති) කියයි, උසස් කොට කියයි. ප්රකාශ කරයි. (පි. 205)
උල්ලපන
න. (උ+ලප+යු=අන) කථා කිරීම, කීම, උසස්කර කථාකිරීම. (පි. 205)
උල්ලපිත
ති. උල්ලපනය කළ, උසස් ලෙස බිණීම කළ. (පි. 205)
උල්ලාප
පු. කථාව, උග්ඝොෂණය, කීම. (පි. 205)
උල්ලිඛති
ක්රි. (උ+ලිඛ √ භු. ලෙඛනෙ, ලිවීමෙහි +ති) ලියයි, ඉරිගසයි, සලකුණු කරයි. (පි. 205)
උල්ලිඛන
න. ලිවීම, ඉරි ඇඳීම, සලකුණු කිරීම. (පි. 205)
උල්ලිඛිත
ති. ලියනලද, ඉරිඅඳිනාලද, අඞ්කිත. (පි. 205)
උල්ලිඞ්ග
න. ලිඞ්ග විපර්ය්යාසය, ලිඟු පෙරලීම. (පි. 205)
උල්ලිඞ්ගන
න. වැණියය, පදයාගේ ඌර්ධ්වාර්ථය ප්රකාශ කිරීම. (පි. 205)
උල්ලිත්ත
ති. ආලේප කරන ලද, බදාම ගාන ලද. (පි. 205)
උල්ලිත්තාවලිත්ත
පු. ඇතුළත පිටත ආලේප කළ. (පි. 205)
උල්ලුම්පතී
ක්රි. (උ+ලුප √ රු. ඡෙදෙ, සිඳීමෙහි +o+ති) උද්ධරණය කෙරෙයි, ගොඩලයි. (පි. 205)
උල්ලුම්පතු
ක්රි. (උ+ලුප √ රු. ඡෙදෙ, සිඳීමෙහි +තු) නගාසිටුවා, උද්ධරණය කෙරේවා. (පි. 205)