සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 302

උය්‍යස්සු

ක්‍රි. උත්සාහකර, වීර්‍ය්‍යකර. (පි. 203)

උය්‍යාති

ක්‍රි. (උ+යා √ භු. ගතියං, යාමෙහි +ති) ඉදිරියට යයි. (පි. 203)

උය්‍යාන

න. උයන ගමන. “දෙහිමෙ කුමාර, උය්‍යානං ආරමං කාතුං.” (පි. 203)

උය්‍යානකීලා

ඉ. උයන් කෙළිය, උද්‍යාන ක්‍රීඩාව. (පි. 203)

උය්‍යානනිස්සීත

ති. උයන් ඇසුරු කළ. (පි. 204)

උය්‍යානපාල

පු. උයන් පල්ලා, උද්‍යාන පාලකයා. (පි. 203)

උය්‍යානභුමි

ඉ. උයන් බිම, උද්‍යාන භූමිය. (පි. 204)

උය්‍යාම

පු. වීර්‍ය්‍යය, උත්සාහය. (පි. 203)

උය්‍යුඤ්ජති

ක්‍රි. (උ+යුජ √ රු. යොගෙ යෙදීමෙහි +o+ති) යෙදෙයි, වීර්‍ය්‍ය කරයි. (පි. 204)

උය්‍යුඤ්ජන

න. යෙදීම, වීර්‍ය්‍යකරණය. (පි. 204)

උය්‍යුඤ්ජිත

ති. යොදනලද, වීර්‍ය්‍යකළ. (පි. 204)

උය්‍යුත්ත

ති. සෙනාසන්නි වෙසය, යුද්ධසෙනා රැස් කිරීම. (පි. 204)

උය්‍යුත්තසඤ්ඤී

පු. යුද පිණිස නික්මුණු සේනාව යන හැඟීම් ඇතිව ගමන් නික්මුණු, “ඡබ්බග්ගියා භික්ඛු උය්‍යුත්තං සෙනං දස්සනාය අගමංසු. උය්‍යුත්තන්ති කත උය්‍යො ගං.” (පි. 204)

උය්‍යුත්තසෙනා

ඉ. යුද්ධය සඳහා පිටත්වූ චතුරඞ්ගිනී සෙනාව. (පි. 204)

උය්‍යොග

පු. විනාසය, මරණය, වියොගය. (පි. 204)

උය්‍යොගමුඛ

න. විනාසමුඛය, මරණමුඛය. (පි. 204)

උය්‍යොජන

න. යෙදීම, ගමන් පිටත් කිරීම. (පි. 204)

උය්‍යොජිත

ති. යොදන ලද, මෙහෙයන ලද. (පි. 204)

උය්‍යොජෙත්වා

පු.ක්‍රි. (උ+යුජ+ණෙ+ත්වා) යවා, පිටත්කර යවා. (පි. 204)

උය්‍යොජෙති

ක්‍රි. (උ+යුජ √ චු. යොගෙ, යෙදීමෙහි +ණෙ+ති) යොදයි, පිටත් කර හරියි. (පි. 204)

උය්‍යොධික

පු. (උ+යුධ+ණවු+ක) යුද්ධ කරන ස්ථානය, රණභූමිය. “උය්‍යොධිකං ගන්ත්වා ක‍ණ්ඩෙන පටිවිද්ධො හොති.” (පි. 204)

උයි

√ භු. තන්තුසන්තානෙ, හූතැනීමෙහි. උයති, වියයි. (පි. 204)

උර

න. ලය, හෘදය, සිත.
√ භු. ගතියං, යෑමෙහි, උරති, යෙයි. (පි. 204)

උරග

පු. ලයින් යන්නා, බඩගාගන යන්නා, සර්පයා, “උරෙන ගච්ඡතීති උරගො.” (පි. 204)

උරචක්ක

න. උරසක, උරචක්‍ර මාලාව, කර පැළඳගන්නා තියුණු ආයුධයෙන් උපදනා කර්‍මවිපාකයන්ට අනුරූප මාලාවක්, මෙය පාපකර්‍ම විපාකයෙකි. (පි. 204)

උරච්ඡද

පු. සන්නාහය, යුද්ධ සැට්ටය, උර මාලාව, ලැමදෙහි දමන මාලාවක්. (පි. 204)

උරච්ඡදික

පු. සන්නාභය, උරච්ඡද. (පි. 204)

උරච්ඡාදන

න. ලය වැසීම, ලය වසනා සැට්ටය. (පි. 204)

උරණ

පු. පොරගසන එළුවා, බැටළුවා. (පි. 204)

උරණක්ඛ

පු. තුවරගස. (පි. 204)

උරණී

ඉ. පොරගසන එළුදෙන, එළී, බැටළු දෙන. (පි. 204)

උරත්තාලන

න. උරයට ගැසීමථ පපුවට ගැසීම. (පි. 204)

උරත්තාලි

ඉ. දුකක් හෝ කරදරයක් පැමිණි විට පපුවට ගසා ගැනීම. (පි. 204)

උරත්තාලිත

ති. ලයට තළන ලද. (පි. 204)

උරත්තාලෙති

ක්‍රි. (උර+තාලෙති) උරයට ගසයි. (පි. 204)

උරත්ථාල

පු. පපුව, ලය. (පි. 204)

උරබ්භ

පු. පොරගසන එළුවා, ඇනගන්නා එළුවා. (පි. 204)

උරබ්භඝාතක

පු. එළුවන් මරන්නා, බැටළුවන් මරන්නා. (පි. 204)

උරසිජ

ති. ලයෙහි හටගත් දෙය, ස්ත්‍රී පයොධරය. (පි. 204)

උරානී

ඉ. උරලොම්. (පි. 204)