සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 301

උම්මූලන

ති. මුල් ඉදිරීම, උසුන් මුල්කිරීම. (පි. 203)

උම්මූලිත

න. මුල් උදුරා දමන ලද, මුල් ඉදුරු. (පි. 203)

උම්මූලෙති

ක්‍රි. (උ+මූල √ චු. පතිට්ඨායං, පිහිටීමෙහි +ණෙ+ති) මූලොච්ඡින්න කෙරෙයි, මුල් උපුටයි. මුලිනුදුරයි. (පි. 203)

උමා

ඉ. උමාව, පාර්‍වතිය, ඊශ්වර භාර්‍ය්‍යාව. (පි. 203)

උමාධව

පු. උමාවගේ ස්වාමියා, මහදෙවියා. (පි. 203)

උමාපති

පු. උමාවගේ හිමියා ඊශ්වරයා. (පි. 203)

උමු

√ භු. අදනෙ, කෑමෙහි, උවති’ අනුභව කරයි. (පි. 203)

උයති

ක්‍රි. (උයි √ භු. තන්තුසන්තානෙ, නූල් ගැළපීමෙහි +අ+ති) වියයි. (පි. 204)