සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 380

කාමකලල

න. කාම නැමති මඩ. (පි. 248)

කාමගිද්ධ

ති. කාමයෙන් ගිජු බවට පැමිණි. (පි. 249)

කාමච්ඡන්ද

පු. කාමාශාව, කාමතෘෂ්ණාව. (පි. 249)

කාමජ

පු. කාමයෙන් උපන්, කාමයෙන් හටගත්. (පි. 248)

කාමජ්ඣොසාන

කාම+අජ්ඣොසාන, කාමයට ඇතුළත්වීම-බැසගැන්ම. (පි. 249)

කාමණ්ඩලුක

ති. කමණ්ඩල ඇති - කමණ්ඩල බලනු. (පි. 249)

කාමතණ්හා

ඉ. කාමතෘෂ්ණාව, කාමාශාව, වස්තුකාම-ක්ලේශ කාමයන්හි ආශාව. (පි. 249)

කාමතා

ඉ. කැමති බව, රුචි බව. (පි. 249)

කාමදුක්ඛ

ති. කාමයෙන් දුකට පත්. (පි. 249)

කාමධාතු

ඉ. කාම භවය, කාම විතර්කය, සියලුම අකුශල ධර්‍ම. (පි. 249)

කාමන

ති. කාමීහු. (පි. 249)

කාමනන්දි

ඉ. කාම තණ්හාව. (පි. 249)

කාමපරිලාහ

පු. කාමයෙන් ඇතිවූ දැවිල්ල. (පි. 249)

කාමප්පවෙදන

න. ඉච්ඡාප්‍රකාශය, කැමැත්ත ප්‍රකාශ කිරීම. (පි. 249)

කාමභව

පු. කාමධාතුව, කාමලෝකය, එකාදසවිධ කාමාවචරය. (පි. 249)

කාමභොගී

පු. කාමභොගියා, ගිහියා. (පි. 249)

කාමයිත

ති. කාමීහු. (පි. 249)

කාමරාග

පු. කාමයෙහි ඇලීම, කාමාශාව, පඤ්චකාමගුණික රාගය. (පි. 249)

කාමවිතක්ක

පු. කාමවිතර්කය, කාමසිතිවිලි. (පි. 249)

කාමසග්ග

න. කාම ස්වර්ගය. (පි. 249)

කාමසඞ්ග

න. කාමයට ඇලීම. (පි. 249)

කාමසඤ්ඤා

ඉ. කාමසංඥාව, කාමචේතනාව. (පි. 249)

කාමසුඛ

පු. කාම සැපය, පස්කම් සැපය. (පි. 249)

කාමාලය

පු. කාමාශාව, කාමතෘෂ්ණාව. (පි. 249)