සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 379

කාජ

පු. කද. (පි. 248)

කාජකොටි

ඉ. කද කෙළවර. (පි. 248)

කාජහාරක

පු. කද ගෙනයන්නා, කත්කාරයා. (පි. 248)

කාඤ්චී

ඉ. මෙවුල්දම. (පි. 248)

කාණ

පු. කණ, එක ඇසක් ඇත්තා. (පි. 248)

කාතන්තික

පු. නැකැත්තා. (පි. 248)

කාතබ්බ

ති. කටයුතු, සිදුකටයුතු. (පි. 248)

කාතර

ති. බැගෑපත් තැනැත්තා. (පි. 248)

කාතුං

අ. කරන්නට, කිරීමට. (පි. 248)

කාතූන

පු.ක්‍රි. කොට, කර. (පි. 248)

කාදම්බ

පු. විල්කුකුළා. (පි. 248)

කාදම්බක

ති. කදම්බ ලී වලින් තැනූ. (පි. 248)

කාදම්බරී

ඉ. සුරා, එනම් ග්‍රන්ථය. (පි. 248)

කාදලිමිග පවර පච්චත්ථරණ

න. කෙසෙල්, මුව සමින් කළ උතුම් පසතුරුණ. (පි. 248)

කානන

න. වනය, අරණ්‍යය. (පි. 248)

කාපිල

කපිලට අයත්, කපිල පිළිබඳ. (පි. 248)

කාපිලවත්ථූ

න. කිඹුල්වතට අයිති, කිඹුල්වතෙහිවූ. (පි. 248)

කාපුරිස

පු. නින්දිතපුරුෂයා, කැතමිනිහා. (පි. 248)

කාපොතක

ති. පරෙයි පාට, ඇටසැකිලිවල ඇතිපාට. (පි. 248)

කාපොතිකා

ඉ. පරෙවිපාද වැනි පාටින් යුත් සුරා වර්ගයක්. (පි. 248)

කාම

පු. වස්තුකාම, ක්ලේශකාම, අභිලාෂ, අනංග, මෛථුන, කාමාචාර, අනුමති. (පි. 248)

කාමං

අ. ඒ කාන්තාර්‍ථයෙහි, කැමතිතාක්, යදි-අපි ශබ්දයන්ගේ අර්‍ථයෙහි. (පි. 248)

කාමක

ති. කැමැති, සතුටු. (පි. 248)

කාමකණ්ටක

න. කාම නැමැති කටු. (පි. 248)