සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 569

පකාසති

ක්‍රි. (ප+කාස+ති) ප්‍රකාසකරයි, ප්‍රසිද්ධකරයි. (පි. 346)

පකාසන

න. ප්‍රකාශ කිරීම, පතළකිරීම. (පි. 346)

පකාසිත

ති. ප්‍රකාසකළ, පතළකළ. (පි. 346)

පකාසිය

ති. සාක්ෂ්‍ය, විවෘත, පිරිසිදු. (පි. 381)

පකිණති

ක්‍රි. (√ භු. කී, දබ්බ විනිමයේ විකිනීමෙහි, ප+කි+ති) විකුණයි. (පි. 346)

පකිණ්නක

න. ප්‍රකීර්‍ණක, සංග්‍රහ වශයෙන් දක්වන. (පි. 346)

පකිත්තන

න. ප්‍රකීර්‍තනය, ප්‍රකාස කිරීම. (පි. 346)

පකිත්තිත

ති. ප්‍රකාශකළ, ප්‍රසිද්ධකළ. (පි. 346)

පකිත්තී

ඉ. ප්‍රකාශය, ප්‍රසිද්ධිය. (පි. 346)

පකිත්තෙති

ක්‍රි. (√ චු. තිත්ත, සංසද්දෙ ශබ්දකිරීමෙහි, ණෙ+ති) ප්‍රකාශ කෙරෙයි. (පි. 346)

පකිරති

ක්‍රි. (ප+කිර+ති) වැගිරෙයි, විසිරෙයි. (පි. 346)

පකිරිය

පු.ක්‍රි. විසුරුවා, විසිකර, පකිරිත්වා.
න. කටු කරඳ. (පි. 346)

පකුජ්ඣති

ක්‍රි. (√ භු. කුජ්ඣ, කිපීමෙහි, පි+කුජ්ඣ+ති) කිපෙයි, කෝප කරයි. (පි. 346)

පකුජ්ඣන

න. කිපීම, කෝපවීම. (පි. 346)

පකුජ්ඣිත

ති. කෝපකළ, කෝපවුනු. (පි. 346)

පකුඩ්ඩ

ති. කිපුණු. (පි. 346)

පකුඩ්ඩති

ක්‍රි. (√ භු. කුප, කෝපෙ, කිපීමෙහි +ති) (ප+කුප+ති) කිපෙයි, කෝප කරයි. (පි. 346)

පකුප්පන

න. කෝපය කිරීම, තරහවීම. (පි. 346)

පකුබ්බති

ක්‍රි. (√ භු. කර, කරණෙ, කිරීමෙහි ප+ද්ධ+පු+ව+බ්බ+ති) කෙරෙයි. (පි. 346)

පකුබ්බන

න. කිරීම, කටයුතු සම්පාදනය. (පි. 346)

පකූජන

න. නාදකිරීම. (පි. 346)

පකොටි

ඉ. ප්‍රකෝටිය, කෝටිසියක්, ලක්ෂය. (පි. 346)

පකොප

පු. ප්‍රකෝපය, මහත් කෝපය. (පි. 346)

පකොපන

න. අධිකව කිපීම. (පි. 346)