සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 570
පකොපිත
පු. මහත්ව කිපිනු. (පි. 346)
පඛුම
න. පක්ෂ්ම, ඇසිපිය ලොම්, ඇස්පිහාටු. (පි. 347)
පගබ්භ
පු. ප්රගල්භ, බුහුටි, සූර. (පි. 347)
පගබ්භී
පු. ප්රගල්භ ඇත්තා, බුහුටි ගති ඇත්තා. (පි. 347)
පගල්භතා
ඉ. ප්රගල්භත්වය, බුහුටිබව. (පි. 347)
පග්ගණ්හන
න. ගනී, ග්රහණය. (පි. 348)
පග්ගණ්හාති
ක්රි. (ප+ගහ+ණ්හා+ති) ගනී, ග්රහණය කරයි. (පි. 348)
පග්ගණ්හිත
ති. ගන්නා ලද, ගත්. (පි. 348)
පග්ගලිත
ති. ගිලිහුනු, ගැලවුනු, ගැලවෙන ලද. (පි. 348)
පග්ගව
න. බෙහෙත් පැලෑටි වර්ගයක්. (පි. 348)
පග්ගහ
පු. වීර්ය්යය, බලාත්කාරයෙන් ගෙනා මනුෂ්යාදීහු. (පි. 348)
පග්ගහණ
න. වීර්ය්යකිරීම, ගැනීම. (පි. 348)
පග්ගහික
පු. වීර්ය්ය කරන්නා, උත්සාහ කරන්නා. (පි. 348)
පග්ගහිත
ති. ගන්නා ලද, ග්රහණය කළ. (පි. 348)
පග්ගාහ
පු. වීර්ය්යය, උත්සාහය. (පි. 348)
පග්ඝරණ
න. වැගිරීම, ජලාදිය වහනයවීම. (පි. 348)
පග්ඝරති
ක්රි. (ප+ඝර+ති) වැගිරෙයි, වෑස්සෙයි. (පි. 348)
පග්ඝරිත
ති. වැගිරෙන ලද, කාන්දුවන ලද. (පි. 348)
පගාලභ
දැඩි, තද, ප්රගාල්භ. (පි. 347)
පගාහති
ක්රි. (√ භු. ගාහු, විලොමනෙ, ගැනීමෙහි +ති) (ප+ගාහු+ති) ඇතුළත් වෙයි. (පි. 347)
පගිද්ධ
පු. අතිශයින් ගිජුවූ. (පි. 347)
පගුණතා
ඉ. ප්රගුණභාවය, නිපුන බව. (පි. 347)
පගුන
ති. ප්රගුණ, නිපුන, ඇදනැති, අභ්යාසය. (පි. 347)
පගුම්ඹ
පු. පඳුර, වනරොද, බඩවැටිය. (පි. 347)