සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 586

පටිපහිණති

ක්‍රි. (√ චු. පහ, පෙසනෙ, යැවීමෙහි +ණ+ති) ආපසු යවයි. (පි. 355)

පටිප්පණමිත

ති. නමන ලද. (පි. 356)

පටිප්පණාමෙති

ක්‍රි. (√ භු. නම, නමනෙ, නැමීමෙහි +ණෙ+ති) නමවයි. (පි. 356)

පටිප්පසම්භන

න. බර ඇරීම, කෙලෙස් බර හැරීම. (පි. 356)

පටිප්පස්සද්ධ

ති. බර අරින ලද, කෙලෙස් බර හරින ලද. (පි. 356)

පටිප්පස්සද්ධි

ති. බර ඇරුණු, කෙලෙස් බරින් බිඳුණු. (පි. 356)

පටිප්පස්සද්ධි විමුත්ති

ඉ. ප්‍රතිප්පස්සද්ධ විමුක්තිය. (පි. 356)

පටිප්පස්සම්භති

ක්‍රි. (√ භු. සම්භු, හිංසායං, හිංසාවෙහි +පටි+ප+සම්භු+ති) බර ඇරෙයි. (පි. 356)

පටිප්පහරති

ක්‍රි. (√ භු. හර, හරණෙ, හැරීමෙහි +පටි+ප+හර+ති) ගසයි, පෙරලා ගසයි. (පි. 356)

පටිපාකතික

ති. ප්‍රකෘතිමත් කළ, නැවත සෑදු. (පි. 355)

පටිපාටි

ඉ. පිළිවෙළ, අනුක්‍රමය. (පි. 355)

පටිපාද

පු. පිළියෙළ, සකස්කිරීම. (පි. 355)

පටිපාදන

න. ප්‍රතිපාදනය, පිළියෙළ කිරීම. (පි. 355)

පටිපාදිත

ති. ප්‍රතිපාදනයකළ, පිළියෙළකළ. (පි. 355)

පටිපිණ්ඩ

පු. ප්‍රතිපිණ්ඩය, පිඬුදිම හා ගැණිම. (පි. 355)

පටිපීලිත

ති. පිඩා කළ, හිරිහැර කළ. (පි. 355)

පටිපීළන

න. පීඩණය, මිරිකීම. (පි. 355)

පටිපුග්ගල

පු. සමාන පුද්ගලයා. (පි. 355)

පටිපුග්ගලික

පු. පුද්ගලයන්ට අයිති, පුද්ගල සන්තක. (පි. 355)

පටිපුච්ඡති

ක්‍රි. (√ භු. පුච්ඡ, පුච්ඡනෙ, විචාරීමෙහි +ති) විචාරයි, පිළිවිසියි. (පි. 355)

පටිපුච්ඡා

ඉ. ප්‍රතිපුච්ඡාව, පිළිවිසීම, විචාරීම. (පි. 355)

පටිපුරිස

පු. ප්‍රතිපුරුෂයා, සමාන පුරුෂයා. (පි. 355)

පටිපූජන

න. පිදීම, පූජාව. (පි. 355)

පටිපූජිත

ති. පුදනලද, පූජාකළ. (පි. 355)