සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 587

පටිපූජෙති

ක්‍රි. (√ භු. පූජ, පූජනෙ, පිදීමෙහි +ණෙ+ති) පුදයි, පූජා කරයි. (පි. 355)

පටිපෙසන

න. ආපසු යැවීම. (පි. 356)

පටිපෙසිත

ති. ආපසු යවන ලද. (පි. 356)

පටිපෙසෙති

ක්‍රි. (√ භු. පෙස, පෙසනෙ, යැවීමෙහි +ණෙ+ති) පෙරලා යවයි. (පි. 356)

පටිබද්ධ

ති. පිළිබඳ, ප්‍රතිබද්ධ. (පි. 356)

පටිබන්ධ

ති. පිළිබඳ, බඳනාලද. (පි. 356)

පටිබල

න. ප්‍රතිබල, පොහොසත්, ශක්ති සම්පන්න. (පි. 356)

පටිබ්‍යහති

ක්‍රි. (√ භු. බාහ, නිවාරණෙ, වැලැක්මෙහි +ති) ප්‍රතිබාහණය කරයි, වලක්වයි. (පි. 356)

පටිබාල්හ

ති. දැඩි, තියුණු. (පි. 356)

පටිබාහන

න. ප්‍රතිබාහණය, වැළැක්වීම. (පි. 356)

පටිබාහිය

පු. ප්‍රතිබාහණය කටයුතු, නැවැත්වියයුතු. (පි. 356)

පටිබාහිර

න. බැහැර, ඉවත. (පි. 356)

පටිබිම්බ

පු. ප්‍රතිබිම්භය, පිළිබිඹ, ඡායාරූපය, පතිරූපය. (පි. 356)

පටිබුජ්ඣති

ක්‍රි. (√ භු. බුධ, බොධනෙ, අවබොධයෙහි +ති) (පටි+බුධ+ති) අවබෝධ කරයි. (පි. 356)

පටිබුජ්ඣන

න. අවබෝධ කිරීම. (පි. 356)

පටිබුද්ධ

ති. අවබෝධ කළ, ප්‍රතිවේධ කළ. (පි. 356)

පටිබොධ

පු. අවබෝධය. (පි. 356)

පටිභය

පු. ප්‍රතිභය, භය, භයානක. (පි. 356)

පටිභාග

පු. ප්‍රතිභාග, සමාන. (පි. 356)

පටිභාගත්ථ

පු. ප්‍රතිභාගාර්ථය. (පි. 356)

පටිභාණෙය්‍ය

පු. වැටහීම ඇත්තා. (පි. 356)

පටිභාති

ක්‍රි. (√ භු. භා. දිත්තියං, දීප්තියෙහි +ති) වැටහෙයි, දැනෙයි. (පි. 356)

පටිභාන

න. වැටහීම, ඤාණය, එළඹ සිටි වචනය, අවබෝධය. (පි. 356)

පටිභානවන්තු

පු. ප්‍රතිභාණ ඇත්තා, වැටහීම ඇත්තා. (පි. 356)