සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 585
පටිනන්දිත
ති. සතුටුවනලද, ප්රීතිවනලද. (පි. 355)
පටිනාසිකා
ඉ. කෘත්තිම නාසිකාව, බොරු නාසය. (පි. 355)
පටිනිජ්ඣත්ත
පු. දුරළීම, බැහැරකිරීම. (පි. 355)
පටිනිද්දෙස
පු. නිර්දේසයාගේ විස්තර, නිර්දේසය. (පි. 355)
පටිනිවත්තති
ක්රි. (√ භු. වතු, වත්තනෙ, පැවැත්මෙහි, නී+වතු+ති) නවතියි. (පි. 355)
පටිනිවාසන
න. හැඳතිබූ නිවාසනය. (පි. 355)
පටිනිස්සග්ග
පු. දුරළීම, බැහැර කිරීම. (පි. 355)
පටිනිස්සජති
ක්රි. (√ භු. සජ, සංසග්ගාදිසු, සංසර්ගාදියෙහි +ති) (පටි+නි+සජ+ති) බැහැර කරයි, දමයි, ඉවත දමයි. (පි. 355)
පටිනිස්සට්ඨ
ති. දුරුකළ, බැහැර කළ. (පි. 355)
පටිනිස්සරති
ක්රි. (√ භු. සර, ගතියං, යෑමෙහි, පටි+නි+සර+ති) බැහැරයෙයි, නිදහස් වෙයි. (පි. 355)
පටිනෙති
ක්රි. (√ භු. නී, නයෙ, පැමිණවීමෙහි +ණෙ+ති) පමුණුවයි. (පි. 355)
පටිපක්ඛං
පු. විරුද්ධ, සතුරු. (පි. 355)
පටිපක්ඛික
පු. විරුද්ධ පක්ෂයට අයත් තැනැත්තා. (පි. 355)
පටිපජ්ජති
ක්රි. (√ භු. පද, ගතියං, යෑමෙහි +ති පටි+පද+ඉජ්ජ+ති) පිළිපදියි. (පි. 355)
පටිපජ්ජන
න. බැහැර කිරීම, අත්හැරීම. (පි. 355)
පටිපණ්ණ
න. ප්රතිශාසනය, පිළිහසුණ.
ති. පැමිණි, පිළිපන්. (පි. 355)
පටිපණ්ණක
පු. පැමිණි තැනැත්තා. (පි. 355)
පටිපත්ති
ඉ. ප්රතිපත්තිය, පිළිපැදීම. (පි. 355)
පටිපථ
පු. ඉදිරිමාර්ගය. (පි. 355)
පටිපදා
ඉ. ප්රතිපදාව. (පි. 355)
පටිපනාමෙති
ක්රි. (√ භු. නම, නමනෙ, නැමීමෙහි +ණ+ති) නමයි. (පි. 355)
පටිපරිවත්තෙති
ක්රි. (√ භු. වතු, වත්තනෙ, පැවැත්මෙහි +ණෙ+ති) පෙරළයි, පරිවර්තණය කරයි. (පි. 355)
පටිපවිසති
ක්රි. (√ භු. විස, පවෙසනෙ, පිවිසීමෙහි +පටි+ප+විස+ති) ප්රවේශ වෙයි, ඇතුළත් කරයි. (පි. 355)
පටිපසංසති
ක්රි. (√ භු. සංස, පසංසනෙ, පැසසීමෙහි +ති) පසසයි, ප්රසංසාකරයි. (පි. 355)