සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 723
මිගාදන
පු. කරබාන වලසා. (පි. 424)
මිගාභිභු
පු. මුවන් මර්දනය කරන්නා, සිංහයා. (පි. 424)
මිගාරමාතු
ඉ. මිගාර සිටු විසින් මව් තනතුරෙහි තබාගත් විසාඛා උපාසිකාව. (පි. 424)
මිගින්ද
පු. මෘගෙන්ද්රයා, සිංහයා. (පි. 424)
මිගී
ඉ. මුව දෙන. (පි. 424)
මිච්ඡත්ත
න. මිථ්යා ස්වභාව. (පි. 424)
මිච්ඡාගහණ
න. මිථ්යා ග්රහණය, වරදවා ගැන්ම. (පි. 424)
මිච්ඡාගහිත
ති. වරදවා ගන්නා ලද. (පි. 424)
මිච්ඡාචාර
පු. වැරදි හැසිරීම, කාම මිථ්යාචාරය. (පි. 424)
මිච්ඡාඤාණ
න. විපරීතඥානය, වැරදි දැනුම. (පි. 424)
මිච්ඡාදිට්ඨි
ඉ. මිථ්යා දෘෂ්ටිය, වැරදි දැක්ම. (පි. 424)
මිච්ඡාපටිපදා
ඉ. මිථ්යා ප්රතිපදාව, වැරදි පිළිපැදීම (පි. 424)
මිච්ඡාපටිපන්න
පු. වරදවා පිළිපන්. (පි. 424)
මිච්ඡාපණිහිත
පු. වරදවා තබනලද, වරදවා පිහිටුවන ලද. (පි. 424)
මිච්ඡාපථ
පු. මිථ්යා මාර්ගය, වැරදි මග. (පි. 424)
මිඤ්ජක
න. තල ඇටයේ ඇති මිදුලු. (පි. 424)
මිඤ්ජා
ඉ. මදුලු, මිදුලු, ඇටමිදුලු. (පි. 424)
මිණ
√ භු. හිංසාය, හිංසාකිරීමෙහි, මිණති, හිංසා කරයි. (පි. 424)
මිණති
ක්රි. (√ සු. මි, මානෙ, ප්රමාණයෙහි +ති) ප්රමාණ කරයි. (පි. 425)
මිණන
න. ප්රමාණ කිරීම, මැණීම. (පි. 425)
මිත
ති. ප්රමාණ කරන ලද්ද. (පි. 425)
මිතහාණී
පු. ප්රමාණකථා ඇත්තා, පමණට කථා කරන්නා. (පි. 425)
මිතහාසන
න. රහස් කථාව, ප්රමාණ කථාව. (පි. 425)
මිත්ත
පු. න. මිත්ර, මිත්රයා, මිතුරා. (පි. 424)