සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 945
සෙතට්ටි=ට්ඨිකා
ඉ. ශෂ්‍ය රොග විශේෂයක්, ගොයම් පැල සුදුපාට වී වේලී යන ගොයම් රෝගයක්. (පි. 534)
සෙතපච්ඡාද
පු. රථ මතුයෙහි එළන ඇතිරිලි. (පි. 534)
සෙතම්බ
පු. ඇටඹ ගස. (පි. 534)
සෙතහෙරු
න. පැලෑටි වර්ගයක්. (පි. 534)
සෙතු
පු. වියර, නියර, කාරණය, හේතුව. (පි. 534)
සෙතුකාරක
පු. පාලම් සාදන්නා. (පි. 534)
සෙතුඝාත
පු. හේතු නැසීම, පාලම් කඩා දමන්නා. (පි. 534)
සෙතොදික
ති. සුදු ජලය ඇති. (පි. 534)
සෙද
පු. ඩහදිය, දාඩිය. (පි. 534)
සෙදක
න. දහඩිය දැමීම, විනිවිද පෙනීම. (පි. 534)
සෙදගත
ති. දහඩියෙන් වැසුණු. (පි. 534)
සෙදජ
ති. සංසෙදජ යොනියෙහි උපන්නහු, දාඩිය කුණු ආදියෙන් උපදනා සත්ව වර්ගයා. (පි. 534)
සෙදජල
න. ඝර්මජලය, දාඩිය, දාහජලය. (පි. 535)
සෙදජල්ලිකා
ඉ. දාඩිය හා කුණු. (පි. 535)
සෙදමල
න. දාඩියමල. (පි. 534)
සෙදයූස
න. දහඩිය. (පි. 534)
සෙදාවක්ඛිත්ත
පු. දහඩියෙන් වැකුණු. (පි. 535)
සෙදිත
ති. තෙත්වූ. (පි. 535)
සෙදෙති
ක්‍රි. (√ චු. සෙද, පග්ඝරණෙ, වැගිරීමෙහි +ණෙ+ති) තෙත් වෙයි. (පි. 535)
සෙනා
ඉ. සේනාව. (පි. 535)
සෙනාගුත්ත
පු. යුද්ධ පිළිබඳ අමාත්‍යවරයා. (පි. 535)
සෙනානායක
පු. සෙනාධිපතියා. (පි. 535)
සෙනානී
ඉ. සෙනාධිපතියා, සෙනානායක. (පි. 535)
සෙනාපච්ච
පු. ජෙනරාල් වරයෙකුගේ තත්වය ඇත්තා. (පි. 535)