සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 946

සෙනාපති

පු. සෙනානායකයා, සෙනාධිපතියා, සෙනෙවියා. (පි. 535)

සෙනාපතික

පු. සෙනෙවියා, සෙනාධි නායකයා. (පි. 535)

සෙනාබ්‍යුහ

පු. සේනා පිළියෙල කරන තැන, යුද්ධසේනාසරද්ධ කරන තැන. (පි. 535)

සෙනාසන

න. සෙනසුන, ආවාසය, ගෙය. (පි. 535)

සෙනාසනගාහාපක

පු. සෙනසුන් භාරකාරය. (පි. 535)

සෙනාසනචාරිකා

ඉ. සෙනසුන්හි හැසිරෙන්නා. (පි. 535)

සෙනාසනපඤ්ඤාපක

පු. සෙනසුන් පනවන්නා. (පි. 535)

සෙනිය

පු. සේනා ඇත්තා, පිරිවර ඇත්තා. (පි. 535)

සෙනෙසික

පු. චාටුකාරයා, වංචාකාරයා. (පි. 535)

සෙපණ්ණි

ඉ. ඇද්දෙමට ගස. (පි. 535)

සෙඵාලිකා

ඉ. සේපාලිකා ගස. (පි. 535)

සෙම්හ

පු. න. ශ්ලෙස්මාව, සෙම. (පි. 535)

සෙම්හික

පු. සෙම අධික තැනැත්තා. (පි. 535)

සෙමාන

පු. සයනය කරන, නිදන. (පි. 535)

සෙමානක

පු. සයනය කරන තැනැත්තා, නිදන්නා. (පි. 535)

සෙයසී

ඉ. දියමිත්ත, ඇත්වගපුල්. (පි. 535)

සෙය්‍ය

ති. අතිශයින් ප්‍ර‍ශස්ත, ඉතා පැසසිය යුතු.
පු. ධර්‍මය, මඞ්ගලය. (පි. 535)

සෙය්‍යක

පු. සයනය කරන්නා. (පි. 535)

සෙය්‍යති

ක්‍රි. (√ භු. සී, සයෙ, නිදීමෙහි +ති) නිදයි. (පි. 523)

සෙය්‍යථා

අ. එසේ, මෙසේ, යම්සේ. (පි. 535)

සෙය්‍යථාපි

අ. උපමායෙහි, යම්සේ. (පි. 535)

සෙය්‍යථාපිනාම

අ. යම්සේ නම්. (පි. 535)

සෙය්‍යථිදං

අ. ඒ කවරේද. (පි. 535)

සෙය්‍යා

ඉ. සයනය, සෙනාසනය, සයන ක්‍රියාව. (පි. 535)