සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 951

සොභා

ඉ. සොභාව, කාන්තිය, දීප්තිය, බැබලීම. (පි. 537)

සොභානු

පු. රාහු. (පි. 537)

සොම

පු. චන්ද්‍ර‍යා, ඖෂධ වර්‍ගයක්. (පි. 537)

සොමනස්ස

න. සොම්නස, යහපත් සිත් ඇති බව. (පි. 537)

සොමනස්සසුඛ

න. සොම්නස් සැපය. (පි. 537)

සොමනස්සිත

න. සොම්නසින් යුත්. (පි. 537)

සොමනස්සීන්ද්‍රිය

න. අධිපති භාවයට පැමිණි සොම්නස. (පි. 537)

සොමරුක්ඛ

න. එක්තරා ගස් වර්‍ගයක්. (පි. 537)

සොමවක්ක

පු. හෙළකිහිරි. (පි. 537)

සොමවල්ලිකා

ඉ. බෝදි ගස්. (පි. 537)

සොම්ම

ති. ප්‍රීති කරන, ශාන්ත, සුන්දර. (පි. 537)

සොවග්ගික

පු. ස්වර්‍ගය පිණිස පවතින, සහ සැප පිණිස පවතින. (පි. 537)

සොවචස්ස

න. සුවච, කීකරු බව. (පි. 537)

සොවචස්සතා

ඉ. සුවච භාවය, කීකරුබව. (පි. 537)

සොවණ්ණ

න. රත්රන්. (පි. 537)

සොවණ්ණමය

පු. ස්වර්‍ණමය, රුවනින් නිපන්. (පි. 537)

සොවණ්ණය

ති. රත්රන්. (පි. 538)

සොවත්ථික

සුඛීභාවය. (පි. 538)

සොවත්ථිකාලඞ්කාර

න. සෝවැස් ලකුණ. (පි. 538)

සොවික

පු. සෝක කරන්නා. (පි. 536)

සොවිත

ති. සෝක කළ, සෝකයට පත්. (පි. 536)

සොවිදල්ල

පු. රජුන්ට සැට්ට ලන ඇමතියා. (පි. 538)

සොවීර

න. කාඩිදිය. (පි. 538)

සොවීරක

න. කාඩිදිය. (පි. 538)

සොස

පු. ක්ෂයරෝගය. (පි. 538)