සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 952

සොසති

ක්‍රි. (√ භු. සුස, සොසනෙ, වියලීමෙහි +ති) වියලයි, වේලයි. (පි. 538)

සොසන

න. වියලීම, ක්ෂයවීම. (පි. 538)

සොසානික

පු. සොහොනෙහි වසන්නා. (පි. 538)

සොසාරිත

ති. (සු+ඔසාරිත) කලින් සිටි තත්ත්වයට හෝ පදවියට පත් කළ. (පි. 538)

සොසාසනිකඞ්ග

න. සොහොනෙහි විසීමෙන් රකින අඞ්ගය, තෙලෙස් දුතංග වලින් එකක්. (පි. 538)

සොහග්ග

පු. සුභග භාවය. (පි. 537)

සොහඤ්ජන

න. මුරුංගා ගස. (පි. 537)

සොහති

ක්‍රි. (√ භු. සුභ, දිත්තියං, දීප්තියෙහි +ති) අලංකාර කරයි, සරසයි. (පි. 537)

සොහද

න. සුහෘදයා. (පි. 538)

සොහිච්ච

න. තෘප්තිය. (පි. 538)

හ

අ. පද පූරණයෙහි. (පි. 538)

හං

අ. පුදුමය අඟවන නිපාතයක්, අසහනාර්ථයෙහි. (පි. 538)

හංධි

අ. ආශ්චර්‍ය්‍ය හඟවන නිපාත පදයක් (පි. 538)

හංස

√ භු. හංසන පීතිසු, ලොමු දැහැගැන්මෙහි හා ප්‍රීතියෙහි, හංසති, ලොමුදැහැගනියි.
පු. හංසයා.
√ භු. පීතියං, ප්‍රීතියෙහි, හංසති, පහංසති, ප්‍රීතිවෙයි, හංසිත, පීති වනලද. (පි. 538)

හංසක

පු. නුරුවලා. (පි. 538)

හංසන

න. ලොමුදැහැගැනීම, කිපීම, පහංසන. (පි. 538)

හංසපොතක

පු. හංස පැටියා, ලැපැටි හංසයා. (පි. 538)

හච්ච

අ. නසා, ගටා. (පි. 538)

හජ්ජ

ති. ප්‍රිය දෙය. (පි. 538)

හඤ්ඤති

ක්‍රි. (√ දි. හන, හිංසායං, හිංසා කිරීමෙහි +ති) නසයි. (පි. 538)

හට

√ භු. දිත්තියං, බැබලීමෙහි, හටති, බබලයි.
ති. ගෙනෙනලද, නසනලද. (පි. 538)

හට්ඨ

ති. තුෂ්ටිය, තුෂ්ටිප්‍රාප්තයා, සතුටට පැමිණි අය, හට්ඨ තුට්ඨ, හට්ඨ පහට්ඨ ලොමහට්ඨජාත. (පි. 538)

හට්ඨචිත්ත

ති. සතුටුසිත් ඇත්තා. (පි. 538)

හඨ

පු. බලාත්කාරය.
√ භු. බලක්කාරෙ, බලකිරීමෙහි, හඨති, බලකරයි. (පි. 538)