සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 125

අඳුර

නා. කළුවර; අන්ධකාරය.

අඳුරු

1. වි. කළුවර වූ.
2. වි. ඍජු; අවංක.

අඳුරුරුපු

1. නා.ප්‍ර. අඳුරේ හතුරා වන සූර්යයා; හිරු.
2. නා.ප්‍ර. පහන.

අඳෝනාව

නා. විලාපය; පරිදේවය.

අඳෝමය

1. නි. ඛේදය, සංවේගය හැඟවීමෙහි යෙදේ.
2. නි. පිළිකුල හැඟවීමෙහි යෙදේ.

අප

1. උ. වියෝගය, භ්‍රංශය, විරෝධය යනාදි අර්ථ දෙනු සඳහා නාම සහ ක්‍රියා පද හා යෙදෙන උපසර්ගයක්.
2. (සර්ව.) උ. අපි යන්නෙහි අනුක්ත රූපය.
නා.ප්‍ර. ජලය; පැන්; වතුර.

අපකර්මය

(පාරිභා.) නා. පිරිහීම; පරිහානිය (=degeneration).

අපකර්ෂක

වි. පහතට අදින; පහත් කරන.

අපකර්ෂණය

(පාරිභා.) නා. ඉවතට ඇදීම; එකිනෙකට ඈත් වීම; විහිදවා යැවීම (=repulsion).

අපක්ෂ

1. වි. පියාපත් නැති.
2. වි. පක්ෂයක් නැති; මධ්‍යස්ථ.

අපක්ෂපාත

1. වි. පක්ෂයක් නොගත්; මධ්‍යස්ථ.
2. වි. පක්‍ෂපාත නොවූ; විරුද්ධ.

අපක්ෂවාදියා

නා. පක්ෂයක් නොගත් තැනැත්තා; මධ්‍යස්ථව සිටින්නා.

අපක්ෂේපණය

නා. (න්‍යාය.) පහත හෙළීම; වැටීම; දර්ශනයෙහි එන පඤ්චවිධ කර්මවලින් එකක්.

අපක්‍රමණය

1. නා. ඉවතට යෑම; පලා යෑම.
2. (පාරිභා.) නා. ඇලවීම; නැමීම (=deflection).

අපක්‍රමය

1. නා. ඉවතට යෑම; පලායෑම.
2. (අලං.) නා. පද බෙදීමේ නිසි ක්‍රමය උල්ලංඝනය වූ කාව්‍ය දෝෂය.

අපක්‍රාන්තිය

(පාරිභා.) නා. පිරිහීම; පරිහානිය (=degeneration).

අපක්‍රියාව

නා. වැරදි ක්‍රියාව.

අපකාරය

නා. අනූපකාරය; හානිය; අවැඩ.

අපකිරණය

(පාරිභා.) නා. විසුරුවා හැරීම; ප්‍රිස්මයක මාර්ගයෙන් ආලෝක ධාරාවක් එහි සංරචක වර්ණ කරා විසුරුවා හැරීම (=dispersion).

අපකීර්තිය

නා. අයස; නින්දාව; අවමානය.

අපකෘත

වි. යහපත් දිවිපෙවෙතින් පහ කරන ලද; අපකාරයක් වශයෙන් කළ.

අපකෘෂ්ට

වි. පහත්; නීච; අධම.

අපඛ්‍යාත

වි. ප්‍රතික්ෂේප කළ; හළ,

අපඛ්‍යානය

නා. ආක්‍රෝශය; පරිභවය.