සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 124
අනෝරපාර ඇති
වි. එතෙර මෙතෙර නැති; පරක් තෙරක් නැති.
අනෝරා
(කථා.) වි. ඉවරයක් නැති; නැවතීමක් නැති.
අනෝලෝ
වි. (කිසිවකු විසින්) නොදැකිය හැකි.
අනෝවස්සක
වි. වැස්සෙන් නොතෙමෙන.
අනෝවාදක
වි. අවවාදයෙහි නොපිහිටන; අකීකරු.
අනෞචිත්ය
නා.ප්ර. අනුචිත භාවය; නුසුදුසුබව.
අඳ
වි. ඇස් නොපෙනෙන; අන්ධ.
1. නා.ප්ර. අන්ධයා.
2. නා.ප්ර. භාගය; පංගුව; වගාව සඳහා දෙන ලද ඉඩමකින් නොහොත් කුඹුරකින් අස්වැන්නෙන් අයිතිකරුට හෝ ගොවියාට හිමිවන කොටස; බිම් අඳය හෝ ගොවි අඳය.
අඳ පරවේණිය
නා. භූමියෙන් අර්ධයක අයිතිය, වගා කරන්නාට හිමි ව ඇති රාජසන්තක ඉඩම.
අඳ මුත්තෙට්ටුව
නා. ඉඩම් හිමියාට අස්වැන්නෙන් අඩක් දෙන පොරොන්දුව පිට වගා කරන කුඹුර.
අඳඅස්වනු
නා.ප්ර. කුඹුර අඳේට දීමෙන් ඉඩම් හිමියාට ලැබෙන අස්වැන්නේ කොටස.
අඳකාරයා
නා. අඳේට දෙන ලද භූමි වගා කරන ගොවියා.
අඳන
1. නා.ප්ර. පැවිදිකෙනෙකු පොරෝනා සිවුරට යටින් හඳනා වස්ත්රය; අන්තර වාසකය; අඳන කඩය.
2. නා.ප්ර. ඇස ගානා කළු ආලේප විශේෂය; අංජන.
අඳනාව
නා. ඇඳුම; වස්ත්රය; කබාය; අඳනය.
අඳබල
වි. අන්ධ බාල; අනුවණ; මුග්ධ.
අඳර
නා. කළුවර; අන්ධකාරය.
අඳිනවා
1. ක්රි. ගානවා; ආලේප කරනවා.
2. ක්රි. (රේඛා රූප ආදිය) චිත්රයට නංවනවා; සලකුණු කරනවා; සිත්තම් කරනවා.
3. ක්රි. ඇඳුමෙන් සැරසෙනවා.
අඳුන
1. නා. ඖෂධයක් වශයෙන් ඇස ගානා කළු ආලේප විශේෂයක්; නේත්රාඤ්ජනය; රසාඤ්ජනය.
2. නා. අඤ්ජනම් එළියක් බැලීමේ දී භාවිත කරන ආලේපය; පහන්දැලි; දැලි.
අඳුනනවා
ක්රි. මනාව දන්නවා; පළපුරුද්දෙන් නොහොත් ආශ්රයෙන් දැනගෙන ඉන්නවා.
අඳුන්
නා.ප්ර. කාලවර්ණ මුවකුගේ සම; අඳුන් දිවිසම.
අඳුන් කුළ
නා. හිමාලයේ පිහිටා ඇතැයි සලකනු ලබන ෂට් කූටවලින් එකක්; අඤ්ජන කූටය.
අඳුන් දිවියා
නා. අඳුන් වන් සමක් ඇත්තා වූ මුවා; කාලවර්ණ මුවා.
අඳුන් නවනවා
ක්රි. (ගොවි.) වී මැනීම ආරම්භ කිරීමට පළමු ව බැත කන්දෙන් (වී ගොඩෙන්) වී ටිකක් ගෙන ලාහට දමනවා.
අඳුන්වන්
වි. කාලවර්ණ වූ; කළුපැහැ ඇති.
අඳුබන්
නා.ප්ර. දඬුකඳේ ගැසීම; අත් පා විලංගු දැමීම.